(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

මොරන්තුඩුව මහලන්ද ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ පහකට ආසන්න වෙළදපොළ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ගෝලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි .

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් හතළිහක් පොලිස් බාරයට ගෙන ඇත

විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇත.