(නිමන්ති රණසිංහ)

මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකයන් හා විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් මිලියන ගණනින් මුදල් වංචා කර සාවද්‍ය පරිහරණය කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිණීය වන තිළිණී ප්‍රියමාලි ඇතුලු සැකකරුවන් තිදෙනකු ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළීණ ගමගේ මහතා අද (02) නියෝග කළේය.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මෙතක් විමර්ශන අවසන්ව නොමැති වීමත්, ඔවුන්ට ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇතිවිය හැකි වීමත් යන කරුණු සැලකිල්ලට ගනිමින් සැකකරුවන් වෙනුවෙන් කළ ඇප ඉල්ලිම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිණීය වන තිළිණී ප්‍රියමාලි, ඇගේ අනියම් සැමියා බව කියන ඉසුරු බණ්ඩාර සහ එම ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයකු වන කසුන් පෙරේරා යන අයවලුන්ය.