
(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු)
පාන් රුපියල් 10 කින් අඩු කලත් බනිස් මාලු පාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන වල මිල අඩු කර නැතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති.
ආනයනික තිරිඟු පිටි තොග මිල රුපියල් 250ට අඩු කිරිමෙන් පසු ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රුපියල් 10 කින් අඩු කළ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ඊට සමගාමීව බනිස් ,මාලු පාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන වල ද මිල රුපියල් 10 කින් පමණ අඩු කරන ලෙස සමස්ත බේකරි හිමියන් ගෙන් ඉල්ලීමක් කෙරිණ.
නමුත් දැනටත් බනිස් , සහ මාළු පාන් රුපියල් 60 සිට 100 වැනි මිල ගණන් වලට අලෙවි කරන බවද පාරිභෝගිකයෝ පවසති.
බනිස් සහ මාළු පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල අඩු නොකිරීම පිළිබඳව විමසූ විට බේකරි හිමියන් කියා සිටියේ පිටි කිලෝවක් රුපියල් 270 ,300, 350 වැනි වැඩි මිලට මිලදී ගැනීමට සිදු වී ඇති නිසා මාලු පාන් , බනිස් මිල අඩු කළ නොහැකි බවයි .
බනිස් සහ මාළු පාන් මිල අඩු නොකිරීම පිළිබඳව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ තවමත් බේකරි හිමියන් ට වැඩි මිලට පිටි ගැනීමට සිදුවීම නිසා මෙසේ බනිස් සහ මාළු පාන් ඇතුළු නිෂ්පාදන වල මිල අඩු නොකිරීමට හේතු විය හැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිවරණ පොරොන්දුවක් දුන්නා පාන් ගෙඩිය 3. 50 ට දෙනවා කියලා ඒ එතුමිය හැකි නිසා අද පාන්ගෙඩියේ මිල තීරනය කරන්නේ බේකරි සංගමයක සභාපති කියාගන්නා පුද්ගලයෙක් .මේ සංගමය රජයේ ලියාපදිංචි සංගමයද කියලාවත් හොයලා බලනවද මන්දා .ඇයි අද ජනාධිපතිට බැරි එදා චන්ද්‍රිකා දිපු පොරොන්දුව දෙන්න. පාන් මිල අඩු කිරීමේ විධායකයේ බලතල අඩු කරලද
පාන් හදන්න පුන්නක්කුත් දානවා ඇති. බනිස් පොඩි නිසා වහලා හදන්න බැරුව ඇති. අපි නොදන්න දකුණේ වැඩ්ඩලා....!
හැබැයි සියලුම නිෂ්පාදනවල බර අඩු කරලා ඇති