(මනෝප්‍රිය ගුණසේකර)
අහංගම ශාරීපුත්‍ර විද්‍යාලයේ පළමු වසරට ශිෂ්‍යාවක් ඇතුලත් කර ගැනීම සඳහා ඇගේ පියාගෙන් රුපියල් 20,000/- ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි එහි හිටපු විදුහල්පතිවරයා විත්ති වාචක නොකැඳවාම සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා නියම කළේය.
නඩුවේ පැමිණීල්ල වෙනුවෙන් සාක්කි දෙන අතරතුර උපාය දුතිය වශයෙන් කටයුතු කළ අල්ලස් කොමිසමේ නිලධාරිණීය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දීගත නොහැකිව හඬා වැටුණු බව කියමින් නීතීඥ ප්‍රදීප් ජයකොඩි මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්ති වාචක නොකැඳවාම විදුහල්පතිවරයා සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය,

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික පලි ගැනීමක් බවයි පේන්නේ... මෙහෙම දේවල් නිසා පුද්ගලයින්ට මෙන්ම පාසලටත් හානියක් වෙනවා...!
සුපිරි සර්.හොඳයි...
සත්‍ය කවදා හරි දිනනවාමයි ජය වේවා සර්,,
පාසල ලස්සනට දියුණු කිරීමට ගත් උත්සාහය දන්නේ අපි, බලන් ඉන්න බැරි අයත් ඒ අතරේ සිටින බව අපි දැනගෙන හිටියා. අන්න ඒ අයට හිනාවෙන්න කර මේ දේට... අද ප්‍රති උත්තර ලබාදීම සම්බන්ධයෙන් ඔබ සැමට හදපිරි අචාරය...!!!
සත්‍යය ජය ගන්නා බව දැන සිටියා. මෙම කාර්යයට උරදුන් සැමට ස්තුතිය පුදකරන අතර, සෑමවිටම සත්‍යය ජනතාවට ළඟාකරන ලංකාදීප පුවත්පතට කෘතවේදී ප්‍රණාමය..!