IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මුතුහෙට්ටිගමගේ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි

(ඉන්දිකා රාමනායක)

හිටපු නියෝජ්‍ය අමාත්‍ය  නිශාන්ත මුතුහෙට්ටිගම  මහතාගේ ආරක්ෂාවට ලබා දී  තිබු පොලිස් ආරක්ෂාව අද (31) සිට ඉවත් කර ඇති බව පොලිස පවසයි.

නිශාන්ත මුතුහෙට්ටිගම මහතා වරාය හා නාවික කටයුතු  නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ සමයේ තීරුබදු රහිතව  වරායෙන් පිට මං කර ඇති බව කියන මෙම සුඛෝපභෝගී මෝටර් රථයක් ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු විසින්  පදවමින් සිටියදි ඊයේ (30) ගාල්ල නගරයේ දී පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරය ඒකකය විසින් අත්අඩංගුවට ගැනීමත් සමග  මේ සම්බන්ධයෙන්  විමර්ශන සිදුකර  එම ආරක්ෂාව ඉවත් කර ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි.

නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට  මන්ත්‍රි ධූරය අහිමි වී සිටියද ඔහුට ඇති තර්ජන හේතුවෙන්  ඔහු කර තිබු ඉල්ලීමකට අනුව  ගාල්ල පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඔහු වෙත අනුයුක්ත කර සිටි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම ජිප් රථයේ  වෙනත් වාහන අංකයක් සවිකර තිබී ඇත.

පෙරේදා සිද්ධියෙන් පසු අදාල කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන මෙම මස 14 වැනි දින දක්වා ඔහු රිමාන්ඩ් කර ඇත.

මෙම සිද්ධියෙන් පසු  ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් සිටි සෙසු පොලිස් කොස්තාපල්වරයාත් ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (9)

මුතුහෙට්ටිගමගේ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි

de silva Tuesday, 01 November 2022 12:40 AM

බලපුවම පොලිසිය කරලා තිබෙන්නේ ලොකු කුඩා ධාමරිකයන් ආරක්ෂා කරන එක.

:       0       5

සුරංග Tuesday, 01 November 2022 06:07 AM

පාර්ලිමේන්තුවේ හිටපු දේශපාලුවො සේවයක් නැතුව විශ්‍රාම වැටුපක් ගන්නවා. ආරක්ෂාව රජයෙන් දෙන්නෙ මොකටද ?තර්ජන තිබේනම් දේශපාලනය කරන්නෙ මොකටද? ජනතා මුදල් කාබාසිනියා කරන දේශපාලුවොන්ගේ රැකවරණය වහාම ක්‍රියාත්මක වනසේ ඉවත්කරන්න ඕන .අරගල කරුවන්ගේ අවධානයට යොමුවේවා .අරගලයට ජයවේවා

:       0       3

Bamunuarachchi Tuesday, 01 November 2022 06:38 AM

එක ඉතාම හොඳ වැඩක්. රටේ අනික් කම්බ හොරුත් පොලිස් ආරක්ෂාව ඉල්ලයි.

:       0       1

Kuma Tuesday, 01 November 2022 06:48 AM

මෙි අර බස් නෑවතුමේ යකඩ කෙනා නේද?

:       0       3

visnu Tuesday, 01 November 2022 09:09 AM

අර අහිංසක PC ගේ අනාගතයත් ඉවරයි. අනෙක් දේශපාලුවොත් පොලීසියේ නිලධාරීන් යොදා ගන්නේ මේකටයි.

:       0       3

Senarath Tuesday, 01 November 2022 09:32 AM

මෙ අම්බරුව මන්තිරි කමේ ඉන්නකම් කලෙත් ගොන් තකතිරු වැඩ. මෙයාට මොකක්ඩ තියෙන තර්ජනය ? පොලිසියෙ ලොක්කන්ටත් පිස්සුද මන්ද මෙ වගෙ මැට්ටන්ට නිකරුනෙ පොලිසිය යොදවල සමාන්ය ජනතවට සේවය කර්න්න ඔනෙ පොලිස් නිලදාරීන්ගෙ කාලය අප් යවන්න.

:       2       5

Rata Perata Tuesday, 01 November 2022 12:50 PM

අපේ සල්ලි වලින් හරක්ට ආරක්ෂාව දෙන්න බැරි වෙන්න නීති ගේන්න ඕනි.

:       0       5

C.K.Lankaputhra Tuesday, 01 November 2022 01:05 PM

එතුමගේ ඇඟේ සයිස් එකට තව මොන ආරක්ශාද? සතුරෙක් ලඟට එනකොට අත පය වනන එකනෙ තියෙන්නෙ.

:       0       5

මුනිදාස හේවාහල්පගේ Tuesday, 01 November 2022 09:46 PM

ඕකා හිටපු ඇමතියා.ඔයිට වඩා රට කාපු රට විනාශ කරපු එවුන් තමයි සිරිසේනයා හිටපු ජනාධිපතියා ඕකා රටට බෝම්බ ගහන්න දීලා සිංගප්පුරුවට වෙලා හිටියේ. ඌ අල්ලන්න එපායැ .ඌ මහ බැංකුවත් මංකොල්ල කෑවා. මේ රටේ කථානායකට ලොක්ක කියපු තට්ට කුපාඩි රංජියත් එළියට ගත්තා .

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site