IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රෝහල් සේවක සේවිකා වලිය පිළිස්සුම් තුවාල සහිතව අවසන්

(ෂේන් සෙනෙවිරත්න) 

පොත්තපිටිය කොටලියගොඩ ග්‍රාමීය රෝහලේ කණිෂ්ඨ සේවකයකු සහ සේවිකාවක අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් රෝහල් පිරිසුදු කිරීමට ගන්නා අධි සාන්ද්‍රන දියර ප්‍රහාර එල්ල කර ගැනීම හේතුවෙන් එම දෙදෙනා බරපතළ පිලිස්සුම් තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය කියයි.

එසේ තුවාල ලබා ඇත්තේ රෝහල් උපස්ථායක සේවයේ නියුතු 54 වැනි වියේ සේවකයකු සහ අනියම් කම්කරු සේවයේ නියුතු 48 හැවිරිදි කාන්තාවකි.

පොත්තපිටිය එකම ගමක ජීවත් වන බව කියන මෙම දෙදෙනා අතර රෝහල් කොරිඩෝවේදි  කිසියම් බහින්බස්වීමක් සිදු ඇතැයි කියයි.

බහින්බස් වීම දුරදිග ගොස්  අධි සාන්ද්‍රන ලයිසෝල් ප්‍රහාර දෙදෙනා විසින්ම එල්ල කරගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී නාලිනී හේරත් මහත්මිය පවසා සිටියේ අධි සාන්ද්‍රන ලයිසෝල් ශරීරයේ තැවරීම හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ ශරීරය 75% ක ප්‍රමාණයක් පිලිස්සී තිබෙන බවයි.

 



අදහස් (1)

රෝහල් සේවක සේවිකා වලිය පිළිස්සුම් තුවාල සහිතව අවසන්

සුජානි ඩයස් Tuesday, 01 November 2022 06:13 AM

ඉතිරි සියයට විසිපහත් පුලුස්සා දමන්න. අනියම් සේවිකාවකට හෝ සේවකයෙකුට ජ්‍යේෂ්ඨ සේවකයින්ට ගහන්න තරම් බලයක් ලැබුනෙ කොහොමද ?ඇය වහාම සේවයෙන් ඉවත්කරන්න ඕන .බලන්න එම සේවිකාව පොහොට්ටු සාමාජිකාවක්ද කියලා. එහෙම අය තමයි ඔහොම වැඩ බොහොමයක් කරන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site