(යොහාන් භාසුර සහ සුජිත් හේවාජූලිගේ)

ආනයනික චුවින්ගම් සහ රසකැවිලි ඇතුළු භාණ්ඩ කිහිපයක උපරිම සිල්ලර මිල භාණ්ඩයේ ඇතුළත් කළ යුතු බවට අති විශේෂ ගැසට් නිවේදනයක් පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කර තිබේ.

ඒ අනුව ආනයනික චුවින්ගම්, රස කැවිලි, චොක්ලට්, බිස්කට්, කේක් සහ සුවඳ සබන් යන භාණ්ඩ අලෙවි කිරීමේදී එහි දවටනයේ උපරිම සිල්ලර මිල, ආනයනකරුගේ නම සහ ලියාපදිංචි ලිපිනය අනිවාර්යෙන්ම සටහන් කළ යුතු බව එම ගැසට් නිවේදනයේ සඳහන් කර තිබේ.