IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආණ්ඩුවේ මර්ධනයට එරෙහි විරෝධයට සජබ සහාය

(නිමල කොඩිතුවක්කු)

ආණ්ඩුවේ මර්ධනයට එරෙහි විරෝධයට  සමගි ජන බලවේගය සියයට සියයක්ම ශක්තිය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(1)පැවසීය.

මර්දනයට එරෙහිව අරගල කළ යුත්තේ හුදකලාව නොවන බවත් ඒ වෙනුවෙන් එකට එක් වී අරගල කළ යුතු යැයි ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී පාගමනට එරෙහිවීමට කිසිවකුටත් අයිතියක් නැති බවත් මර්දනයට එරෙහි වෘත්තිය සමිති ඒකාබද්ධ ප්‍රකාශනයට අත්සන් තැබීමේ අවස්ථාවට කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී එක්වෙමින් විපක්ෂ නායකවරයා  මේ බව පැවසීය.

මෙම විරෝධතාවය සාමකාමී, පා ගමනක් බැවින් එය මර්දනය කිරීමට ආරක්ෂක අංශ සූදානම්ව සිටිනවානම් වහාම එය ඉවත් කරගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

මර්දනයේ පීතෘවරුන් වන්නේ රාජපක්ෂවරුන් බවත් සාමකාමී විරෝධතාවයට කිසිවකු හෝ අත තබන්නේ නම් ඊට එරෙහිව ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂ නායකවරයා කීවේය.

සිරිධම්ම හිමි, වසන්ත මුදලිගේ ඇතුළු  පිරිස් අත්අඩංගුවට ගෙන සිරගත කොට ඇත්තේ කිසිම චෝදනාවක් නැතිව බවත  පුනරුත්ථාපනය කළ යුත්තේ රාජපක්ෂලා ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් යැයිද විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර” ජාතික සංවිධායක තිස්ස අත්තනායක,  ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (3)

ආණ්ඩුවේ මර්ධනයට එරෙහි විරෝධයට සජබ සහාය

dhamneth Tuesday, 01 November 2022 04:37 PM

සජිත් මහත්තයෝ තරුණයෙක් වශයෙන් අලුත් යමක් කරන්න. දැන් ඔය පා ගමන් පාද යාත්‍රා යල්පැගිය ප්‍රතිඵල නැති දේවල්. ඔබේ පියා ජනාධිපති කාලෙදිත් විපක්ෂය පා ගමන් ගියා ආණ්ඩුව විසුරුවන්න කියා. ඔබේ පියතුමා ආණ්ඩුව විසිරෙව්වද? නැහැ නේද. යහපාලන රජය කාලෙදිත් විපක්ෂය පා ගමන් ගියා. තව පෝය දෙකෙන් ආණ්ඩුව ගන්න බලාගෙන බලයට එනව ආදි සටන් පාඨ කියමින්.

:       0       13

Kule Tuesday, 01 November 2022 07:33 PM

සජිත් මහත්තයා ස්ටාලින් ගැන නොදැනයි වගේ.

:       0       4

දහනායක Tuesday, 01 November 2022 08:54 PM

ඔතන ඉන්න මිට්ට තට්ටෙ එනවා නම් සජබ සදහා කිසිම සහායක් නොදීමට සිතා ගතිමි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site