
(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුවේ මර්ධනයට එරෙහි විරෝධයට සමගි ජන බලවේගය සියයට සියයක්ම ශක්තිය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(1)පැවසීය.
මර්දනයට එරෙහිව අරගල කළ යුත්තේ හුදකලාව නොවන බවත් ඒ වෙනුවෙන් එකට එක් වී අරගල කළ යුතු යැයි ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී පාගමනට එරෙහිවීමට කිසිවකුටත් අයිතියක් නැති බවත් මර්දනයට එරෙහි වෘත්තිය සමිති ඒකාබද්ධ ප්‍රකාශනයට අත්සන් තැබීමේ අවස්ථාවට කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.
මෙම විරෝධතාවය සාමකාමී, පා ගමනක් බැවින් එය මර්දනය කිරීමට ආරක්ෂක අංශ සූදානම්ව සිටිනවානම් වහාම එය ඉවත් කරගත යුතු බවත් ඔහු සඳහන් කළේය.
මර්දනයේ පීතෘවරුන් වන්නේ රාජපක්ෂවරුන් බවත් සාමකාමී විරෝධතාවයට කිසිවකු හෝ අත තබන්නේ නම් ඊට එරෙහිව ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂ නායකවරයා කීවේය.
සිරිධම්ම හිමි, වසන්ත මුදලිගේ ඇතුළු පිරිස් අත්අඩංගුවට ගෙන සිරගත කොට ඇත්තේ කිසිම චෝදනාවක් නැතිව බවත පුනරුත්ථාපනය කළ යුත්තේ රාජපක්ෂලා ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් යැයිද විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර” ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් මහත්තයෝ තරුණයෙක් වශයෙන් අලුත් යමක් කරන්න. දැන් ඔය පා ගමන් පාද යාත්‍රා යල්පැගිය ප්‍රතිඵල නැති දේවල්. ඔබේ පියා ජනාධිපති කාලෙදිත් විපක්ෂය පා ගමන් ගියා ආණ්ඩුව විසුරුවන්න කියා. ඔබේ පියතුමා ආණ්ඩුව විසිරෙව්වද? නැහැ නේද. යහපාලන රජය කාලෙදිත් විපක්ෂය පා ගමන් ගියා. තව පෝය දෙකෙන් ආණ්ඩුව ගන්න බලාගෙන බලයට එනව ආදි සටන් පාඨ කියමින්.
සජිත් මහත්තයා ස්ටාලින් ගැන නොදැනයි වගේ.
ඔතන ඉන්න මිට්ට තට්ටෙ එනවා නම් සජබ සදහා කිසිම සහායක් නොදීමට සිතා ගතිමි.