(අංජුල මහික වීරරත්න)
2022 වර්ෂයට අදාළව පැවති කොරියා භාෂා විශේෂ පරීක්ෂණයෙන් අයදුම්කරුවන් 1398 දෙනකු සමත් වී ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
දකුණු කොරියාවේ රැකියා සඳහා ගොස් සාර්ථකව රැකියාව කර යළි පැමිණි ශ්‍රි ලාංකිකයින් සඳහා මෙම විභාගය පැවැත්වෙන අතර, ඒ අනුව අයදුම්කරුවන් 1652 දෙනකු මෙම විභාගය සඳහා ඉදිරිපත් වී තිබේ.
විභාගය සමත් අයදුම්කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණ නොවැම්බර් මස 09, 10, 11, 12 හා 14 යන දිනයන්හීදි පැවැත්වීමට නියමිත අතර, අයදුම්කරුවන් හට තමන් පදිංචි ස්ථානයට ආසන්නයේම ඇති කාර්යාංශයේ ශාඛා කාර්යාලයකට පැමිණ සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටිය හැකිය.
මෙම අයදුම්කරුවන් සඳහා වෛද්‍ය පරික්ෂණ නොවැම්බර් මස 03 දින සිට පැවැත්වෙන අතර, සම්මුඛ පරීක්ෂණ, වෛද්‍ය පරීක්ෂණ පැවැත්වෙන දිනයන් හා පොලිස් වාර්තා ලබාගැනීම සම්බන්ධයෙන් www.slbfe.lk යන කාර්යාංශ නිල වෙබ් අඩවියට පිවිස තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය ඉල්ලා සිටියි.
2022 වර්ෂයේ ජනවාරි සිට ඔක්තෝම්බර් මස 31 වන දින දක්වා ශ්‍රි ලාංකිකයින් 4329 දෙනකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd