
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව නැරඹීම සඳහා අද (01) පැමිණි මාතර සුජාතා විද්‍යාලයේ සිසුවියන් පිරිසකට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවීමේ අවස්ථාව හිමිවිය. එහිදී කථානායක සමග සුහද පිළිසඳරක නිරත වූ සිසුවියෝ ඔහුගෙන් ප්‍රශ්නද විමසූහ.
පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී ද පාර්ලිමේන්තුව නැරඹීමට සහ පාර්ලිමේන්තු විවාද නැරඹීමට පාසල් දරුවන්ට අවස්ථාව ලබා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගියදා හිමිවිය. ඒ අනුව පාර්ලිමේන්තු සභාගර්භයේ මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු විවාද සජීවීව නැරඹීමේ අවස්ථාව පාසල් දරුවන්ට හිමිවේ.
පාසල් සිසුන් පාර්ලිමේන්තුව දැක බලා ගැනීමට රැගෙන එන්නේ නම් පාසල් බලධාරීන් තම අයදුම්පත් වේත්‍රධාරි වෙත ලිපියක් මඟින්, ෆැක්ස් මඟින් (0112777473 / 0112777335) හෝ www.parliament.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ යුතුවේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමේ කමටත් අනාගතයේ රැකවරණය සදහාත් විශේෂයෙන් හම්බවෙන්න ඇති නැත්නම් මාතරින් ආපු අයට විශේෂයක් කරයිද?
අයියෝ මෙහෙමත් චූන් .ගම වල අහිංසක මනුස්සයන්ගේ ළමයිට වේලක් හරියට කන්න බැහැ.මුන් හැත්ත කරපු විනාශයක් නිසා
අනේ දරුවනේ, පාර්ලිමේන්තුව බලන්න යනවනම් රැස්වීම් නැති දවසක තමා හොඳ. මොකද රැස්වීම් තියෙනව කියන්නේ එදාට එක එක්කෙනාට මඩ ගහ ගන්න සෙල්ලම කරන දවස්.
ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න ජනතාවට නියෝජිතයින් කියාගන්නා වැඩි දෙනාට ඔය ළමයින්ට තරම්වත් අධ්‍යාපන සුදුසුකම් නැහැ.