(අංජුල මහික වීරරත්න)
කොළඹ ආශ්‍රිතව ශීඝ්‍රයෙන් බෝවන මුව රංචු ජලභීතිකා පරීක්ෂණයකින් අනතුරුව වනෝද්‍යාන සහ අභයභූමි වලට යොමු කරන බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.
හෝමාගම අවට මුව ගහනය ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා වගා බිම් වලට හානි වන බැවින් එම සතුන් වෙනත් රක්ෂිතයකට හෝ අභය භූමියකට යොමු කරන ලෙස ප්‍රදේශවාසීන්ගෙන් අමාත්‍යවරයාට ඉල්ලීම් ලැබී ඇතැයි අමාත්‍යාංශය පවසයි.
හෝමාගම අවට සැරිසරන මුව රංචු අතර ජලභීතිකා රෝගය ව්‍යාප්ත වන බවට වාර්තා වූ බැවින් පූර්ණ ජලභීතිකා පරීක්ෂණයකින් තොරව එම සතුන් සංරක්ෂණ කලාපවලට හෝ අභය භූමි වලට මුදා නොහරින ලෙසට අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිකුණාමලේ වගේ නගරයේ නිදැල්ලේ හැදෙන්න දෙන්න බැරිද?
කොළඹට වන සතුන්ගෙන් හානියක් වෙනවා නම් ඉක්මන් පියවර. නමුත්, ඈත ගම්වල වෙසෙන දුප්පත් ගොවීන්ට වන සතුන්ගෙන් සිදුවන හානියට එවැනි ක්ෂණික පියවර නොගන්නේ මන්ද? ඒ ගම්වල වෙසෙන මිනිසුන් දුප්පත් නිසාද?
බයිට්…..?
දියවන්නා රක්ෂිතයට කිහිප දෙනෙකු මුදාහරින්න
ඔය සතුන්ට පාඩුවේ ඉන්න තැනක ඉන්න දෙන්න. ඒ සතුන්ට මේ පොළොවෙ ගහකොළ ජලය අයිතියි.
මේ මුවෝ ගැන මගේ සහෝදරයා අධ්‍යයනයක් කරලා මේකට පිළියමක් විදියට මේ රංචුවල ඉන්න පිරිමි මුවන් වෙන් කරලා තියන එක සුදුසුයි කියලා වාර්තා කළා. ඒ වගේ එකකට වැඩිය රට වටේ රක්ෂිත වලට ප්‍රවාහනය කරාම සල්ලි හම්බවෙන නිසා වෙන්න ඇති මේ වගේ එකක් කරන්න යන්නේ.
Give them to Dayana, she can use dear meat (Venison) for tourists attraction with open B.B.Qs in Colombo 5 star hotels.
ඔය මුවන් අල්ලා ගෙනැවිත් සීදුව,ජාඇල අදි ප්‍රදේශ වට කොට පවත්නා කැලැ වගුරු බිම වලට දමන්න. මුවවන්ගේ ප්‍රශ්නයත් විසඳෙයි, මේ පැත්තේ ජනතාවගේ ප්‍රෝටීන් ප්‍රශ්නයත් විසඳෙයි.