
(අංජුල මහික වීරරත්න)
ජේ.ආර්.තරුණ අවධියේදී ම රටේ රාජ්‍ය නායකත්වයට පත්වූවා නම් ලංකාව අද ධනවත් රාජ්‍යයක් බවත් ජේ.ආර් කළා වැනි කාර්යයක් වර්තමානයේ ඉටුකරන්නට හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යැයි කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ජපානයේ ප්‍රධාන සංඝනායක පැල්පොල විපස්සි හිමියෝ පැවැසූහ.
ජේ.ආර්.මෙන්ම රනිල් දේශපාලනයෙන් කිසිවක් උපයා නොගත් අතර තම දේපොළ පවා ජනතාව වෙනුවෙන් කැප කළ නායකයින් බවත් එදා නිසි නායකත්වයක් හඳුනා නොගැනීම නිසා රට මෙවන් අර්බුදයකට මුහුණ දී සිටින බවත් විපස්සී හිමියෝ පැවසූහ.
පැල්පොල විපස්සි හිමියන් මේ බව සඳහන් කළේ හිටපු ජනාධිපති දිවංගත ජේ. ආර් ජයවර්ධන මහතාගේ 26 වන ගුණානුස්මරණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේ අද (01) පැවති සංඝගත දක්ෂිණාවේදී විශේෂ අනුශාසනාවක් සිදු කරමිනි.
මහා සංඝරත්නය විෂයෙහි දානය පිළිගැන්වීමට ද ජනාධිපතිවරයා එක් විය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, එක්සත් ජාතික පක්ෂ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, යදාමිණී ගුණවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් .ඔබටත් තව බිස්නස් එකක් දාගන්න තිබුනා එහෙනම්.කොහෙන් හොයා ගත්තද මන්දා මේ පුද්ගලයන්ව .අනිත් ස්වාමීන් වහන්සේලාට ඇත්තටම හිරිකිතයක් නැද්ද මේ වගේ දහමේ ගරුත්වය කෙලෙසන අය එක්ක ගැවසෙන්න .ඇත්තටම ?
අනේ මගේ කට.
ජේ ආර් ආර්ථිකයට යමක් කළා. හැබැයි සීයට සීයක්ම ව්‍යුර්ත ආර්ථික හඳුන්වා දුන්න නිසා, රටේ අපනයනට විශාල හානි වුනා. තවද ඔහු හඳුන්වා දුන් නරක ව්‍යස්තාවේ ප්‍රතිපල තමයි අපි දැන් විඳින්නේ. ඒ නරක ව්‍යස්ථාව නිසා තමයි දුෂිත, වංචා කරුවන් බලයට එන්නේ. එදා 1983 දී 5/6 බලය සහිත ආණ්ඩුවක් තියාගන 20 ටත් අඩු ත්‍රස්තවාදීන්ව මෙල්ල කරන්න නැතුව, තිස් වසරක සාපලත් යුද්දය එදී ගියේ ජේ ආර් ගේ මෝඩ තීන්දු නිසා.
රටට මේ තරම් විපතක් වෙලා තියෙද්දිත් මේ හාමුදුරුවරු තවම ගුණ ගායනයා කරනවානේ. වයස 75 ක් වෙලා ජනාධිපතිවෙලා් ව්‍යවස්ථා ගැට, 1983 ජූලි කලබල වලදි පොලීසියට නිවාඩු දීප ජේ.ආර් තරුණ කාලෙදි ජනාධිපති වුණා නම් කොහොමට හිටීවිද හිතන්න පුළුවන්. ඒක තමා එන්.එම්. පෙරේරා කිව්වෙ ජේ.ආර්.ට රට දීලා ආයෙම ගන්න හිතන්න එපා කියලා.
ලංකාවෙ මහින්ද චින්තනය සහ බණ්ඩාරනායක චින්තනය යන පසුගාමී මතවාද වලින් අන්ධ වූවන් පිළිගන්න අකමැති වුනත් එදා ජේ ආර් විවෘත ආර්ථිකයක් ඇති කරල වෙලඳ ගිවිසුම් ඇති කරන්න ගත්තු තීරණය නිවැරදියි ජේ ආර් ට වඩා අද ඉන්න තරුණ පරපුර සංවෘත ආර්ථිකයි: සියල්ල රට තුල නිපදවීම වගේ මෝඩ අදහස් වල ගිලිල ඉන්නෙ වෙලඳ ගිවිසුමක් අත්සන් කරන්න දෙන්නෙ නෑ රට බෙදනෝ රට කඩනෝ කියල කෑගහගෙන රට බේරගන්න පෙරට එනව ඒවගෙ විපාක අද විඳිනව යහමින් දැන්වත් හැදෙනව නම් ලොකු දෙයක්
අනේ හාන්දුරුවනේ කටින්ද කතා කරන්නේ වෙන කොහෙන්වත්ද? එයාට යැංකි ඩිකී කිව්වේ මොකදකියලාවත් හිතන්න බැරිද?
හාමුදුරුවෝ තමන්ට අයිති රාජකාරියත්, දේශපාලනය කරන උදවිය තමන්ට අයිති රාජකාරියත් කරා නම් මේ රටේ මෙතරම් ප්‍රශ්න ඇති වන්නේ නැහැ.
තරුණ කාලේ මුදල් ඇමති වෙලා හිටියා නේද? පස්සේ පිහින ටිෂූ පේපර් පිටරටින් ගෙනාවේ රබර් විකිණීමෙන් ලැබුණ වෙළඳ වාසියට
අම්මපා අපේ හාමුදුරුවනේ ?පිරිකරට මොනවද හම්බවුනේ ?
අපේ හාමුදුරුවනේ JR කෙසේ වෙතත් මේ රනිල් නම් දෙපත් නයෙක්.
සිවුරු දාගෙන කරන්න බැරි වුණේ, සෝවාන් වෙන එක විතරයි අපේ හාමුදුරුවනේ.
සිංහල බෞද්ධයෝ කිසිම දවසක මේ චීවරධාරීන්ට දණ ගහන්නෙ නැහැ.
ධර්මය ප්‍රචාරණය කරනවා වෙනුවට කරන දේවල්.
ජේ.ආර් රට කාපු මීහරකා
පිනට කන තොපිට හොරු තමයි හොද
ජේ.ආර්. එහෙම ධනවත් රටක් හදලා තිබුණා නම් මුන් අද පැන පැන සුද්දෙ දීලා තමයි රට බංකලෝත් කරන්නේ. හොඳ වෙලාවට ඒ ධනය සුද්දෝ ලඟම තියෙන්න ඇරියේ.
ජේ.ආර් තරුණ කාලේ ජනාධිපති වුණා නම් අපි තරුණ කාලේ ඉන්න රටක් නැති වෙනවා.
JR ගේ මොලෙන් කරපු වැඩ දැන් ඉන්න දේශපාලකයින්ට හිතන්නවත් බෑ. මේ තාක්කල් රට කරපු නායකයින් ගැන හොඳම මොලේ JRගේ... දැන් ඉන්න අයගේ තියෙන්නේ හොරකන් කරන්න මොලේ. JR හොරකන් කෙරුවේ නෑ. යුද්ධය ඔඩු දුවන්න ඇරියා බලය රැකගන්න. විවෘත ආර්ථිකය ඕනෑවට වඩා විවෘත කෙරුවා. පිටරටින් යැපෙන විදියට රට හුරුකෙරුවා. ඔවැනිදේ නිසා රටේ දියුණුවට බාධා ආවා...!