(දමින්ද විජේසූරිය) 

ලෝක කුසලාන තරගාවලියේ අද (01 වැනිදා) පැවැති තරගයේදී ඇෆ්ඝනිස්ථානය කඩුලු 6 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානය දක්වා ඉහළ නැඟ තිබේ. කෙසේ වෙතත් තරග දෙකක් පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය තවමත් සෘණ අගයක් ගනී. 

ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක පමණක් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගනු ඇත.