(නිමල කොඩිතුවක්කු)

ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව දරන මතය දැනගැනීමට අනිවාර්යෙයෙන්ම මැතිවරණයක් පැවැත්විය යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවසීය.

ආණ්ඩුව ගෙනයන මර්ධනකාරී වැඩපිළිවල සම්බන්ධයෙන් ජනතාවගේ ප්‍රතිචාරය දැක්වීමට අවස්තාවක් ලබා දිය යුතු බවත් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.

එසේ නොමැතිව ඡන්ද කල් දැමීමේ ප්‍රතිවිපාක ආණ්ඩුවට ඉදිරියේදී භුක්ති විදිමට සිදුවනු ඇති බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්්‍යාලයේ පැවති මාධය හමුවකදී ඔහු පැවසීය.

ඉන්දියානු ණය වැඩපිළිවල යටතේ (ක්‍රෙඩිට් ලයින්) වෙනුවෙන් ලැබෙන ණය මුදලින් අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ මිලදි ගන්නවා වෙනුවට පොලිස් ජිප් රථ ලබා ගැනීමේ සූදානමක් ඇතැයිද මන්ත්‍රීවරයා එහිදි කීවේය.

ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රවය සහ සහන ලබා දීම වෙනුවට මර්ධනය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ අරුමුණ බවට මින් පැහැදිලි වන බවත් ඔහු තවදුරටත් පැවසීය.

සමගි ජන බලවේගයේ බණ්ඩාරගම ආසන සංවිධායක පරිසරවේදී නයනක රන්වැල්ල මහතාද මෙහිදී අදහස් දැක්වීය.