ඇමතිධූර ගන්නා ශ්‍රීලනිප මන්ත්‍රීන් පක්ෂ තනතුරුවලින් ඉවතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගත් තීරණයට පටහැනිව යමින් රජයේ අමාත්‍ය ධූර ලබාගත් මන්ත්‍රීවරුන් පක්ෂය තුළ දරන සියලුම තනතුරුවලින් ඉවත්කරන බව පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 01 June 2022
ආයතන 13ක ප්‍රධානීහු ලබන සතියේ කෝප්, කෝපා කමිටු හමුවට ලංකා විදුලිබල මණ්ඩලය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන 13 ක ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව )සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) හමුවට ලබන සතියේ කැදවෙති. 01 June 2022
වැස්සෙන් 12,326ක් පීඩාවට දිවයිනේ ප්‍රදේශ රැසකට බල පෑ තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක පවුල් 2,672 කට අයත් 12,326 දෙනක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 01 June 2022
පෞද්ගලික බස් සඳුදා සිට ධාවනයෙන් ඉවත්වෙයි බස් රථ ධාවනයට නිසි පරිදි ඩීසල් නොමැතිවීම හේතුවෙන් ලබන සදුදා (6) සිටි සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී පැවසීය. 01 June 2022
කන්ටේනර් 800ක් වරායේ හිර වෙලා විවිධ භාණ්ඩ කන්ටේනර් 800කට ආසන්න ප්‍රමාණයක් රේගු පරීක්ෂණ අවසන් නොවීම හේතුවෙන් කොළඹ වරායේ වසර දහයකට වැඩි කාලයක් තිස්සේ සිරවී පවතින බව වාර්තා වේ. 01 June 2022
නැව් සමාගම්වලට කෝටි 2520ක පොල්ලක් ලබාගත් භාණ්ඩ ප්‍රවාහන සේවා වෙනුවෙන් නැව් සමාගම්වලට රුපියල් කෝටි දෙදහස් පන් සිය විස්සකට වැඩි මුදලක් මෙතෙක් ගෙවා නැති හෙයින් එම මුදල් ඉදිරියේදී ගෙවීමට නොහැකි වුවහොත් මෙරටට භාණ්ඩ රැගෙන ඒමේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල විය හැකි බව වාර්තාවේ. 01 June 2022
සිගරැට් මිල අද ඉහළ යයි සියලුම දේශීය සිගරැට් වර්ගවල මිල අද (1) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව ලංකා දුම්කොළ සමාගමේ උසස් නිලධාරියෙක් අද පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 01 June 2022
දුමින්ද සිල්වා ජපුර රෝහලේ ජනාධිපති සමාව අවලංගු කරමින් වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝගයක් නිකුත්කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර ඇති බව වාර්තා වේ. 01 June 2022
දුම්රිය නිල ඇඳුම් සේවා අරමුදලෙන් නීති විරෝධීව දීමනා අරන් දුම්රිය නිල ඇඳුම් සේවා අර්ථසාධක අරමුදලේ සභාපතිවරයා සහ ලේකම්වරයා නීති විරෝධීව ලබාගෙන ඇති රුපියල් ලක්ෂ 6 කට අධික මුදල නැවත අයකරගත යුතු බවට දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශය පරීක්ෂණයකින් පසුව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට නිර්දේශ කර තිබේ. 01 June 2022
නව යුද හමුදාපති වැඩ අරඹයි නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතා බත්තරමුලේ පිහිටි යුද හමුදා මූලස්ථානයේදී අද (1) පෙරවරුවේ නිලවශයෙන් වැඩ භාරගත්තේය. 01 June 2022
‘මාසයකදී ඛනිජ තෙල් පිළිබඳ යෝජනා 70 ක්‘ ඛනිජ තෙල් නිෂ්පාදන සහ සැපයීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ බලශක්ති අමාත්‍යාංශයට පසුගිය මාසය තුළ යෝජනා 70 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 01 June 2022
රුපියලේ අද අගය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (1) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 65 කින් පහල ගියේය. 01 June 2022
‘රට තවත් වලපල්ලට‘ රට පත්ව ඇති ආර්ථික, දේශපාලනික අර්බුදයට සෘජුවම වගකිවයුතු පිරිස් නැවත වරක් අලුත් වටයකින් රටේ වගකීම් භාරගැනීමට ඉදිරිපත්වීමෙන් රට තවත් වලපල්ලට ඇද වැටෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවසීය. 01 June 2022
රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට නියෝගයක් පොලිස්පතිවරයා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර යවනු ලැබ බලතල ඉක්මවා කටයුතු කිරීම සම්බන්ධයෙන් දින තුනක් තුළ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට එම කොමිෂන් සභාව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඊයේ (31) නියෝග කර ඇත. 01 June 2022
‘ගං වතුරින් බැට කෑ අයට සහන‘ දිවයිනේ ප්‍රදේශ රැසකට ඇද හැලුනු මහ වැසි සමඟ ඇතිවූ ගංවතුරින් පිඩාවට පත් ජනතාවට සහන සැලසීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබෙි. 01 June 2022
දොස්තරගේ රිය සාගරිකාගේ ගැටෙයි වෛද්‍යවරියක් පදවාගෙන පැමිණි මෝටර් රථයක් බූස්ස වැල්ලබඩ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදි බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනයවු සාගරිකා දුම්රියේ හැපී අද (01) උදේ සිදු වූ අනතුරින් මෝටර් රථයේ සිටි කාන්තාවක් තුවාල ලබා ඇතැයි රත්ගම පොලිසිය පවසයි. 01 June 2022
හින්දි සිනමා රසිකයන් වසඟ කළ කේ.කේ නිහඬ වෙයි ඉන්දීය සිනමාවේ ජනප්‍රිය ගායන ශිල්පී ක්රිෂ්ණ කුමාර් කුනාත් හෙවත් ’’කේ කේ’’ අභාවප්‍රාප්ත වී ඇත. 01 June 2022
සජිත් ’’කපුටු’’ ආරක්ෂකයෙක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉස්සරහ දොරෙන් ගොස් ජනතාවට විවිධ දේ ප්‍රකාශ කළද ඔහු පිටුපස දොරෙන් ඇතුළු වී බැසිල් රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පැවසීය. 01 June 2022
පුටින්ට ජීවත් වෙන්න තියෙන්නේ වසර 3 යි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පිළිකාව දරුණු ලෙස පැතිර ගොස් ඇති බවත්, වෛද්‍යවරුන් පවසන ආකාරයට පුටින්ට ජීවත් වීමට ඇත්තේ තවත් වසර 3 ක් පමණක් බවත් රුසියන් බුද්ධි අංශ නිලධාරියකු කළ අනාවරණයක් උපුටා දක්වමින්, බි්රතාන්යයේ ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත් සේවය පවසයි. 01 June 2022
නිමල්ට - අමරවීරට විනය පියවර පක්ෂය දැනුවත් නොකර වර්තමාන ආණ්ඩුවේ ඇමති ධූරගත් නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අරමිවීර යන මහත්වරුට එරෙහිව නිසි වෙලාවට පියවර ගන්නා බවත් පක්ෂයේ නීති දෙකක් තිබිය නොහැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 01 June 2022
මලකඩයා මඟ හැලෙයි පානදුර දක්වා ධාවනය වූ කාර්යාල දුම්රිය පෙට්ටි රාගම දුම්රිය ස්ථානයෙ දමා ඇන්ජිම පමණක් ධාවනය වීම නිසා දුම්රිය මගීහු දැඩි අපසුතාවයට පත වූහ. 01 June 2022
පළාත් රැසකට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (1)ත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 June 2022
මත්තල - රත්මලාන වැසෙයි ? දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපොළ වැසීයාමේ අනතුරක් මතුව ඇතැයි වාර්තා වේ. 31 May 2022
‘‘නිසිකල නිසි පියවර නොගත් පී.බීට රජකාලේ දඬුවම් දිය යුතුයි‘‘ රට බංකොළොත් වෙලා යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්.) 2020 මාර්තු මස දැනුම්දීමෙන් පසුව ඒ සඳහා පියවර නොගත් හිටපු ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර අනිවාර්යෙන් දඬුකදේ ගැසිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පස්වරුවේ පැවසීය. 31 May 2022
වසන්තා හඳපාන්ගොඩ අත්අඩංගුවට අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමෝදර දී ඉකුත් (9) දින හටගත් සිද්ධිය සම්බන්ධයෙන් පොදුජන ගුරු සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ ඇතුළු හය දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද අත්අඩංගුවට ගෙන ඇත. 31 May 2022
විදුලි බිලට ගෑස් සිලින්ඩරයක් විදුලි බිල පදනම් කරගෙන පවුලකට මාසකට ගෑස් සිලින්ඩරයක් ලැබෙන ආකාරයේ වැඩපිළිවෙළක් සකස් කරන බව ලිට්රෝ සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 31 May 2022
බද්ද වැඩිවෙන හැටි එකතු කළ අගය මත බද්ද සියයට 8 සිට සියයට 12 දක්වා වැඩි කිරීමට රජය යෝජනා කර තිබේ. 31 May 2022
ශවේන්ද්‍ර විකුම්ට යෂ්ඨිය බාර දෙයි ශ්‍රි ලංකා යුද හමුදාවේ 23 වැනි යුද හමුදාපතිවරයා හා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයෙන් නික්ම යාමේ උත්සවය අද පෙරවරුවේ බත්තරමුල්ල යුද හමුදා මුලස්ථානයේ දී සිදුවිය. 31 May 2022
‘‘ආයතන ගොඩ ගත හැකි අය පත් කරනවා‘‘ රාජ්‍ය මාධ්‍ය ආයතන බදුමුදලින් නොයැපෙන තත්වයට පත් කළ හැකි කණ්ඩායමක් ඉදිරියේදී ඒවායේ ප්‍රධානීන් ලෙස පත්කරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 31 May 2022
මහ වැසි හා සුළඟින් ගෝඨා ගෝ ගමටත් හානි කොළඹ නගරයට ඊයේ (30) රාත්‍රියේ සිට ඇදහැලුණු මහ වැසි හේතුවෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ පිහිටි ’ගෝඨා ගෝ ගම’ විරෝධතා භූමියේ ඉදිකර තිබූ කූඩාරම් කිහිපයකට ද හානි සිදුවී තිබිණි. 31 May 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026