(ඩයනා උදයංගනී) 

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අහස වළාකුලින් බරව පවතින අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.   

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, අම්පාර, කුරුණෑගල, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ  ප්‍රකාශකයෙක් පැවසීය.