(ඉන්දිකා  රාමනායක)

ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ විධායක අධ්‍යක්ෂ  නියෝජ්‍ය පොලිස්පති  එස් සජීව මැදවත්ත මහතා  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර ඇත.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ  අනුමැතිය යටතේ, මහජන ආරක්ෂක  අමාතයාංශයේ  ලේකම්වරයාගේ  දැනුම් දීම අනුව පොලිස්පතිවරයා විසින්  2021.03.09 දින සිට බලපැවැත්වෙන පරිදි  මෙම උසස්වීම් සිදුකර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

1997 වසරේ ආධුනික   උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන්   පොලිස් සේවයට එක් ව ඇති ඒ  මහතා 1999 වසරේ සහකාර පොලිස් අධිකාරිවරයකු වශයෙන් නැවත රාජ්‍ය  නිවේදිත  සේවය    එක්ව ඇත.

බණ්ඩාරවෙල ධර්මාශෝක විදුහලේ ආදි සිසුවෙක් වු  සජීව මැදවත්ත මහතා  ශ්‍රි ජයවර්ධනපුර  විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යන අංශයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය    පිළිබඳ විශේෂ උපාධිධාරයෙකි..