(යොහාන් භාසුර)

මුහුදුබඩ සහ ප්‍රධාන දුම්රිය මාර්ගවල දුම්රිය අද (4) පස්වරුවේ ද ප්‍රමාද වීම හේතුවෙන් කාර්යාල සේවය නිම කර නිවෙස් ලබා යෑමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.

මුහුදුබඩ මාර්ගයේ සිට ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙළ, රඹුක්කන සහ මහනුවර ආදි ප්‍රදේශවලට ධාවනය වන දුම්රිය රැසක් ප්‍රමාද වීමෙන් දැඩි තදබදයක් නිර්මාණය වී ඇති අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන දුම්රිය ද ප්‍රමාද වී ධාවනය ආරම්භ කරයි.

මොරටුවේ සිට කොළඹ කොටුව දක්වා මාර්ග අවහිරතාවක් නිසා දුම්රිය ප්‍රමාද වන බව ඒ අතර ඇති ඇතැම් දුම්රිය ස්ථානවල නිවේදනය කරන බව ද ජනතාව පවසති.

කොළඹ කොටුව සිට ගනේවත්ත දක්වා ධාවනය වන දුම්රිය ගනේමුල්ල සහ ගම්පහ නවත්වන්නේ යැයි කොටුව දුම්රිය ස්ථානයෙන් නිවේදනය කළ ද මරදාන දුම්රිය ස්ථානයෙන් එය නිවේදනය නොකිරීමෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්ව සිටිති.