
(රොමේෂ් මධුෂංඛ)
යාපනයේ සිට කොළඹ දක්වා ධාවකය වූ අධි සුඛෝපභෝගී බස් රථයක් වව්නියාව නොච්චිමොට්ටෙයි පාලමේ ගැටී පෙරලීමෙන් එහි ගමන්ගත් තිදෙනකු මිය ගොස් තවත් 17 දෙනකු තුවාල ලබා ඇතැයි වව්නියාව පොලීසිය පවසයි.
යාපනය සිට අධිසුඛෝපභෝගී බස් රථ දෙකක් කොළඹ දෙසට එකට ධාවනය වී ඇති අතර එහිදී මුලින් ධාවනය වූ බස් රථය නොච්චිමොට්ටෙයි පාලමේ ගැටීමෙන් බස්රථය පෙරලී ගොස් ඇතැයි පොලීසිය පැවසීය.
පසුපසින් පැමිණි බස්රථයද ඉදිරියෙන් ගිය බස්රථය පෙරලීයනවාත් එහි රියදුරු බස් රථ මාර්ගයෙන් කැලෑබද ප්‍රදේශයට ධාවනය කොට අනතුර වලක්වා ගැනීමට සමත්ව ඇතැයිද එහි ගමන්ගත් කිසිවකුටත් හානියක් සිදුව නොමැති බවටද පොලීසිය පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් දෙක අතර පරතරයක් නැහැ කියන්නේ මේ දෙන්නා ඇවිත් තියෙන්නේ තරගෙට... අපරාදෙ අර නැතිවුණු ජීවිත...
තරගෙට බස් එලෙව්වොත් අනතුරක් අතළඟ. ප්‍රයිවට් බස් රියදුරන්ගේ අවිනීත බව නිසා මගීන් කීදෙනෙක් අසරණ වුණාද?
අද අපේ රටේ ප්‍රවාහන රියදුරන් IRC කාරයෝ, බේබද්දෝ.. චණ්ඩියෝ.. කිසිම හැදිච්චකමක්, විනයක්, ගරුත්වයක් නැති රැළක්...