(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය තවදුරටත් පහළ බැස ඇති බව  ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය සැප්තැම්බර් මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 1779 ක්ව පැවති බවත් ඔක්තෝබර් මාසයේදී සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1704 ක් දක්වා පහත බැස ඇති බවත්  මහ බැංකුව සඳහන් කරයි.

මසක් ඇතුළත නිල සංචිත ප්‍රමාණය සියයට 4.2 කින් පහත ගොස් ඇති බවත්  ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.8 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.