(දමින්ද විජේසූරිය)

ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ඇඩිලේඩ් නුවරදී අද (04 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 4 ක සියුම් ජයක් අත්කර ගත්තේය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලබාගත් මෙම ජයත් සමගින් අවසන් පූර්ව වටයට පිවිසීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තු සේදී ගියේය.

ලකුණු 169 ක ඉලක්කයක් කරා ගිය ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 164 ක් ලබාගත්තේය. පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 168 ක් ලබා තිබිණ.

වැඩිදුර විස්තර සඳහා

වෙත  පිවිසෙන්න