
(ශාන්ත චන්ද්‍රසිරි)
පුස්සැල්ලාව, හෙල්බොඩ තේ වතුයායට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු බවුසර් රථයක් හෙල්බොඩ වතු මාර්ගයේ වංගුවක් අසල ප්‍රදේශයකදී මාර්ගයෙන් ඉවතට පැන අද (05) පෙරළීයාමෙන් රථයේ රියදුරා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
ත්‍රීකුණාමලයේ සිට ඩීසල් ඉන්ධන රැගෙන හෙල්බොඩ වතුයායට පැමිණ ඇති මෙම බවුසර් රථය වතුයායට ඉන්ධන ලබාදීමෙන් අනතුරුව ඉතිරි ඉන්ධන තොගය රැගෙන ගම්පොල ප්‍රදේශයට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd