
(දමින්ද විජේසූරිය)
ලෝක කුසලාන තරගාවලියේ අද (04 වැනිදා) පැවැති තරග දෙකේදී නවසීලන්තය සහ ඕස්ටේ්‍රලියාව ජයග්‍රහණ වාර්තා කිරීම හේතුවෙන් අවසන් පූර්ව වටයට සුදුසකම් ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබූ බලාපොරොත්තු සුන්විය.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර හෙට (05 වැනිදා) පැවැත්වෙන තරගය ජයගත්තද ශ්‍රී ලංකාවට හිමිවන්නේ ප්‍රසාද ලකුණු 06 ක් පමණි.
ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක පමණක් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගනු ඇත.

වැඩිදුර විස්තර සඳහා
වෙත පිවිසෙන්න
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන්
මහසෙන් Friday, 04 November 2022 06:27 PM
මේ සෙල්ලම් කළ විදියට ඊළඟ වටයක් ගැන නොසිතන එක හොඳයි.
සමන්ත Friday, 04 November 2022 09:32 PM
ඇවිල්ලා ක්‍රිකට් ගහන්වත් පුරුදු වෙන්න කියමු.
චමින්ද ජයනාත් ජයසූරොය Friday, 04 November 2022 07:37 PM
ක්‍රිකට් යනු දක්ෂතාවය මත ජයග්‍රහණය කරන ක්‍රීඩාවක් වන අතර, එයට කැපවීම... අධිෂ්ඨානය සහ අත් නොහරින සහ පසු නොබසින වීර්යය ජයග්‍රහණයේ මාවතට සැබෑ ආලෝකයක් උරුම කර දේ...
BamunuarachchiSaturday, 05 November 2022 07:31 AM
ක්‍රීඩාවට අවතීරණය වෙන සියළුම දෙනාට ඔය කියන දේවල් තිබෙනවා නමුත් luck එකත් තිබෙන්න ඔනේ. ඉන්දියන් කැප්ටන් ලකුණු බින්දුවට වී ගියේ කැපවීම අධිෂ්ඨානය සහ අත් නොහරින සහ පසු නොබසින වීර්යය නැති නිසාද? නැතිනම් පන්දු යැවූ කෙනාගේ කැපවීම අධිෂ්ඨානය සහ අත් නොහරින සහ පසු නොබසින වීර්යය නිසාද? එක මැච් එකකදී ලකුණු 180 ගානක් ගත්ත සනත් ජයසුරියගේ රන්ස් average එක 32 යි එහෙම අඩු උනේ කැපවීම අධිෂ්ඨානය සහ අත් නොහරින සහ පසු නොබසින වීර්යය නැති නිසාද? පැහැදිලි කරදෙන්න.
චමින්ද ජයනාත් ජයසූරියSaturday, 05 November 2022 12:01 PM
Bamunuarachchi මහත්මය, මම නම් හිතන්නේ ඕනෑම දේකට අපට වාසනාව සහ අවාසනාව කියන දේ ආදේශ කරන්න පුළුවන් කියලා... නමුත් අපට යම් දෙයක් දෙස බැලූ බැල්මට පෙනෙන දේ අනුව තමයි ඒ දේ නිර්නය කිරීමට හැකි වන්නේ... මම දන්නා පරිදි ඕනෑම තියුණු තරගයක අවසානයේ ලද පරාජය ළඟ එම ක්‍රීඩකයා හෝ කණ්ඩායමෙහි සාමාජිකයින්ගේ සිත් තුළ සිතුවිලි දෙකක් ඉතිරි වෙනවා... එකක් තමයි මේක අපේ අවාසනාව කියන එක... අනෙක් දෙය තමයි අපි තව ටිකක් උත්සාහ කළා නම් එම තරගයේ ජයග්‍රහණය අප සතුයි නේද කියන එක...! හැබැයි මම මෙතැනදී කථා කරන්නේ තියුණු තරග ගැන නෙමේ... මම කියන්නේ උඩ පන්දුවක් අත ඇරුණොත්... කඩුලු දෙක තුනක් දැවිලා ගියොත්.., අපේ ක්‍රීඩකයින් බොහෝවිට මුළු තරගයම අතහැර දැමිමට එය සාධකයක් කරගන්නවා කියන කාරණය ගැන... මම හිතන්නේ මෙය දුර්වල මානසික තත්ත්වයක් කියලා... මම කියන්නේ අපට අඛණ්ඩව තරග ජයග්‍රහණය කරන්නට ඇවැසි නම් අප කළ යුත්තේ එවැනි දුර්වල මානසිකත්වයන් බිඳ හෙලිය හැකි.... පීඩනයන් ඉදිරියෙහි දරාගෙන ක්‍රීඩාකළ හැකි ක්‍රීඩකයින් නිර්මාණය කළයුතු බවයි... මම හිතන්නේ මම දැකලා තියෙන අන්දමට එයට හොඳම උදාහරණයක් තමයි අරවින්ද ද සිල්වා කියන ලෝක පූජිත අපේ හිටපු පිතිකරුවා...
BamunuarachchiSaturday, 05 November 2022 07:36 AM
ක්‍රිකට් පමණක් නොවෙයි, සෑම ක්‍රීඩාවකටම ඔය කියන කැපවීම..., අධිෂ්ඨානය සහ අත් නොහරින සහ පසුනොබසින වීර්යය තිබිය යුතුයි. බොක්සින් ක්‍රීඩාවට එය විශේෂයි එහෙම නැතුව බොක්සින් ක්‍රීඩාවට අවතීරණය වුණොත් හොඳට ගුටිකාලා එන්න පුළුවන්...!
ruwan Friday, 04 November 2022 09:32 PM
රටක් විදියටත් අපේ ඉතින් ඔහිට වඩා වෙනක් නැහැ. කවුරු හරි මොකක් හරි දෙනකම් නේ බලන් ඉන්නේ.
Dharmatileke Friday, 04 November 2022 10:26 PM
ඒකට කමක් නැහැ. මේ අඳුරු කාලයේ අපි හැමෝම සංතෝෂ කෙරුවට ස්තූතියි.
නනදලාල් Friday, 04 November 2022 11:19 PM
ඇටකඹ වගේ චේන් දාගෙන කොහොමද දුවන්නේ හරියට, බෝල් කරන්නේ කොහොමද? කැච් කීයක් මිස් කරාද? මිස් ෆීල්ඩින් කීයක්ද? කමක් නැහැ වරදිනවා තමයි. ඇෆ්ගනිස්ථානයවත් උදාහරණයට ගෙන හැදියල්ලා කොල්ලනේ....!
Bamunuarachchi Saturday, 05 November 2022 07:08 AM
අපේ බලාපොරොත්තු සුනේ සුන් උනේ 1977 සිට.
ඩඩ්ලි ගුණසේන Saturday, 05 November 2022 07:27 AM
නවසීලන්තය සමග සිඩ්නි SCG තරඟයේදී ලංකාව ඉතා දුර්වල පන්දු රැකීම නිසා පරාජයට පත්වුණා. එදා සිට අපි පහතට බැස්සා.
චන්දිම ෆොන්සේකා Saturday, 05 November 2022 07:33 AM
ඇත්තටම කියනවානම් ඇෆ්ගන් කණ්ඩායම ඔසිලට දුන්නේ නියම විරෝදාර සටනක්. තාම අපේ අයට නම් එහෙම සටනක් දෙන්න පුළුවන් කියල හිතන්න අමාරුයි. අපි බලමු අද වෙන්නේ මොකද කියාලා. කට්ටිය අඩු පාඩු හදා ගන්නේ කොහොමද කියලා.
Bunny Preena Saturday, 05 November 2022 09:11 AM
හැම බෝලෙටම උඩින් ගහනවා කියන එක ක්‍රිකට් නෙවෙයි. සුදුසු වෙලාවට සුදුසු ප්‍රහාරවලට යාම, පිටියේ ක්‍රීඩකයින් රඳවා තැබීම සම්බන්ධයෙන් හොඳ අවබෝදයක් තිබිය යුතුයි. තාක්ෂනය සහ බුද්ධිය එක්ක තණනිල්ල දිගේ පන්දුවට පහර දී ලකුණු ලබාගැනීම ප්‍රගුණ කළ යුතුයි.