
(දමින්ද විජේසූරිය)
ලෝක කුසලාන තරගාවලියේ අද (04 වැනිදා) පැවැති තරග දෙකේදී නවසීලන්තය සහ ඕස්ටේ්‍රලියාව ජයග්‍රහණ වාර්තා කිරීම හේතුවෙන් අවසන් පූර්ව වටයට සුදුසකම් ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබූ බලාපොරොත්තු සුන්විය.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර හෙට (05 වැනිදා) පැවැත්වෙන තරගය ජයගත්තද ශ්‍රී ලංකාවට හිමිවන්නේ ප්‍රසාද ලකුණු 06 ක් පමණි.
ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක පමණක් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගනු ඇත.

වැඩිදුර විස්තර සඳහා
වෙත පිවිසෙන්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සෙල්ලම් කළ විදියට ඊළඟ වටයක් ගැන නොසිතන එක හොඳයි.
ක්‍රිකට් යනු දක්ෂතාවය මත ජයග්‍රහණය කරන ක්‍රීඩාවක් වන අතර, එයට කැපවීම... අධිෂ්ඨානය සහ අත් නොහරින සහ පසු නොබසින වීර්යය ජයග්‍රහණයේ මාවතට සැබෑ ආලෝකයක් උරුම කර දේ...
රටක් විදියටත් අපේ ඉතින් ඔහිට වඩා වෙනක් නැහැ. කවුරු හරි මොකක් හරි දෙනකම් නේ බලන් ඉන්නේ.
ඒකට කමක් නැහැ. මේ අඳුරු කාලයේ අපි හැමෝම සංතෝෂ කෙරුවට ස්තූතියි.
ඇටකඹ වගේ චේන් දාගෙන කොහොමද දුවන්නේ හරියට, බෝල් කරන්නේ කොහොමද? කැච් කීයක් මිස් කරාද? මිස් ෆීල්ඩින් කීයක්ද? කමක් නැහැ වරදිනවා තමයි. ඇෆ්ගනිස්ථානයවත් උදාහරණයට ගෙන හැදියල්ලා කොල්ලනේ....!
අපේ බලාපොරොත්තු සුනේ සුන් උනේ 1977 සිට.
නවසීලන්තය සමග සිඩ්නි SCG තරඟයේදී ලංකාව ඉතා දුර්වල පන්දු රැකීම නිසා පරාජයට පත්වුණා. එදා සිට අපි පහතට බැස්සා.
ඇත්තටම කියනවානම් ඇෆ්ගන් කණ්ඩායම ඔසිලට දුන්නේ නියම විරෝදාර සටනක්. තාම අපේ අයට නම් එහෙම සටනක් දෙන්න පුළුවන් කියල හිතන්න අමාරුයි. අපි බලමු අද වෙන්නේ මොකද කියාලා. කට්ටිය අඩු පාඩු හදා ගන්නේ කොහොමද කියලා.
හැම බෝලෙටම උඩින් ගහනවා කියන එක ක්‍රිකට් නෙවෙයි. සුදුසු වෙලාවට සුදුසු ප්‍රහාරවලට යාම, පිටියේ ක්‍රීඩකයින් රඳවා තැබීම සම්බන්ධයෙන් හොඳ අවබෝදයක් තිබිය යුතුයි. තාක්ෂනය සහ බුද්ධිය එක්ක තණනිල්ල දිගේ පන්දුවට පහර දී ලකුණු ලබාගැනීම ප්‍රගුණ කළ යුතුයි.