(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
මගී ජනතාවට උපරිම කාර්යක්ෂම සේවයක් සැලසෙන ආකාරයට දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වී ඇතැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
සේවක වැටුප් ,විශ්‍රාම වැටුප් හා වෙනත් ප්‍රතිලාභ අහිමි නොකෙරෙන හෝ කප්පාදු නොකෙරෙන ආකාරයට එම කටයුත්ත කිරීම අරමුණ බවද ඔහු සඳහන් කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුව කාර්යක්ෂම ආයතනයක් බවට පත් කිරීම සඳහා එය අධිකාරියක් බවට පත් කළ යුතු බවට යෝජනා ගණනාවක් පසුගිය කාලය පුරා රජයට ඉදිරිපත්ව තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිසේ රුදාවට කොට්ටය මාරු කරනවා වගේ...!
නිකම් කාලය කන්නේ නැතුව මහජන බදු මුදල් විනාශ නොකර ප්‍රයිවෙට් කරලා දැම්ම නම් ඉවරයි. බන්දුල කරන ගොන් වැඩ වී කිලෝ එක 150 ට අරන් හාල් කිලෝ එක 100ට දුන්න ආර්ථික පඬිවරයා.
අධිකාරියක් කළොත් පරිපාලනයට රාජ්‍ය මුදල්, රෙගුලාසි, රාජ්‍ය පරිපාලන නීති බලපාන්නේ නැත. ඔවුන්ට ඕනෑ විදිහට පාලනය කර ගන්න පුළුවන්. මොන අධිකාරියද මේ රටේ සාර්ථකව කෙරුණේ? හිසේ අමාරුවට කෝට්ටේ මාරුකළා වගේ හිටියි. හිතු හිතූ විදිහට OT දාගන්න පුළුවන්... වෘත්තීය සමීති විරුද්ධ නොවීමෙන් පෙනෙනවා අධිකාරියක් වීම සේවකයින්ට තවත් හොඳවීම මිස රටට හොඳක් නොවන බව...!
පුද්ගලික අංශයට දෙන්න. කිසිම විදියක රාජ්‍ය මැදිහත්වීමක් නැතිව දුම්රිය සේවය පවත්වාගෙන යාමට ඉඩදෙන්න. හොරට පින්පඩි ගන්න එක නවතා මහජන සේවය කරන අතර රජයට බද්දක් ගන්න පුළුවන්.
අධිකාරියක් නොවෙයි මොන කාරියක් කලත් පාලනය කරන්නේ මේ හොරු ටිකම නේද? විය යුත්තේ පෞද්ගලික අංශයත් සමග එකාබද්ද කිරීමයි. දේශ පාලුවන් ගෙන් මුදවා ගැනීමයි.