(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකු නියෝජිතයන් කර ඇති දැනුම් දීමට අනුව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී චීනය සහ ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීමට අට පුද්ගල කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කර ගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ නියෝජිතයන් ඉකුත් සතියේදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති සමඟ සාකච්ඡා කොට කඩිනමින් පියවරක් ගන්නා ලෙස අයි.එම්.එෆ් හා ලෝක බැංකු නියෝජිතයන් සාගල රත්නායක මහතා හමුවේ කළ දැනුම්දීමට අනුව මෙම කමිටුව පත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd