(සුජිත් හේවාජුලිගේ )
සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රබල නායකයකු ඉතා ළඟදීම ආණ්ඩුවට සම්බන්ධවීමට සූදානමින් සිටින බව එම පක්ෂයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත.
මොහු පසුගිය රජයන් ගණනාවකම ඇමැති ධුර හෙබවූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකි.
මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂයේ නායකයන්ද දැනුවත්ව සිටින බව පවසන එම ආරංචි මාර්ග ආණ්ඩුවට යෑම සාර්ථක කර ගැනීමට සියලු සම්බන්ධීකරණ කටයුතු කරන්නේ ඒ දේශපාලනඥයාගේ පුත්‍රයා බවද සඳහන් කළේය.
මෙම හිටපු ඇමැතිවරයා සමගි ජන බලවේගය පක්ෂය මේ මොහොතේදී ආණ්ඩුව සමග ඒකාබද්ධ විය යුතු බවට කාලයක සිටම මත පළ කළ අයෙකි. ඔහු පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීම්වලදී පවා මෙම කාරණය දැඩිව පෙන්වා දී තිබූ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියෝජනය කරන්නේ කළුතර දිස්ත්‍රික්කයේ... දන්ත වෛද්‍යවරයෙක්. කයිවාරුව විතරක් තියෙන පුත්‍රයා මැතිවරණයෙන් පරාද වුණු කෙනෙක්. කට විතරයි තියෙන්නේ. බලය වෙනුවෙන් පැති මාරු කිරීමට පුදුම දක්ෂයෙක්. ඒත් එයා මේ මාරුව හරහා වලකපාගැනීම, ජනතා අප්‍රසාදයට පත්වීම ස්තිරයි...!
කිඹුල් නඩුවෙන් ගොඩඑන්න තමයි කරනම් ගහන්නේ...!
පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා තමන් සිටින පක්ෂය හා ප්‍රතිපත්ති පාවාදෙන අසික්කිත දේශපාලන පිල්මාරු කරන්නෝ නිවටයෝය. මොවුන් නැවත කිසිදිනක පාර්ලිමේන්තුවට නොයැවීම ජනතාවගේ වගකීමකි...
එහෙට මෙහෙට, තමුන්ගේ පැවැත්මට, වාසියට පනින රිලවුන් ගැන අපි නොදන්නවා නෙවෙයි. මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න කියලා පැනපු දේශපාලුවන් අන්තිමට කරපු හරියත් රටම දන්නවා...!
රාජිත විතරයි මේ අණ්ඩුවට අඩු වෙලා ඉන්නේ.
සමගි කරන්නේ හදන්නෙ, මොකටද කඩාගෙන ගියේ?