‘‘පෝලිම් නැති කර දේශපාලන වෙනසකුත් අවශ්‍යයි‘‘ තෙල් පෝලිම් ගෑස් පෝලිම් නැති කරනවා සේම, දේශපාලන ප්‍රතිසංස්කරණ ද කඩිනමින් කළ යුතුව ඇතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 05 July 2022
ආණ්ඩු පක්ෂ රැස්වීමට පිරිස අඩු වේ කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ(05) රාත්‍රියේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ආන්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් සහභාගී නොවූ බව වාර්තා වේ. 05 July 2022
ලුහාන්ස්ක් පළාත රුසියන් හමුදා ග්‍රහණයේ යුක්රේනයේ ලුහාන්ස් නගරය ද අයත් ලුහාන්ස්ක් පළාත සම්පූර්ණයෙන් අල්ලා ගත් බව රුසියාව පවසයි. ලුහාන්ස්ක් පළාත අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුටින් රුසියනව් සෙබළුන්ට ස්තුති කළ බව ද වාර්තා වේ. 05 July 2022
ගෑස් ලොක්කෝ කෝප් කමිටුව හමුවට ලිට්‍රො ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රො ගෑස් ටර්මිනල් ලංකා ලිමිටඩ් යන ආයතනවල අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඒවායේ ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව ) හමුවට අද(5) කැඳවනු ලැබ සිටිති 05 July 2022
ඇමෙරිකාවේ නිදහස් දින පෙළපාළියකට වෙඩි ප්‍රහාරයක් ඇමෙරිකාවේ නිදහස් දින සැමරුම් පෙළපාළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 24 කි. 05 July 2022
අනුර, සජිත්, මෛත්‍රී එක වල්ලේ පොල් අනුර, සජිත්,මෛත්‍රී යන තිදෙනාම එක වල්ලේ පොල් බවත් ඉතිහාසයේ කිසි විටෙක සමත් නොවූ මෙම තිදෙනාගෙන් එක් අයෙකුටවත් අරගලයේ යෙදෙන ජනතාව කැමති නැති බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. 04 July 2022
ස්ත්‍රී දූෂකයෙක් අරගල භූමියෙ සැඟවී ඉඳලා ස්ති‍්‍ර දුෂණයක් සිදු කිරීමේ වරදට අධිකරණය මගහැර සිටීම නිසා රත්නපුර මහධිකරණයෙන් විවෘත වරෙන්තු ලැබ සිටි සැකකරුවකු ගාලූමුවදොර අරගල භූමියේ සැඟව සිටියදි කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි. 04 July 2022
අගමැති නිවස ඉදිරිපිට විරෝධතාවක් රටේ උද්ගතව ඇති අර්බුදයට කඩිනමින විසඳුම් ලබාදිය නොහැකි නම් අගමැතිධුරයෙන් වහාම ඉවත්වන ලෙස බලකරමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය පස්වැනි පටුමඟේ පිහිටි නිවස ඉදිරිපිට අද (04) රාත්‍රීයේ විරෝධතාවයක් පැවැත්වුහ. 04 July 2022
කඩකප්පල් ක්‍රියාවක් ගැන පොලිස්පතිගෙන් ආරක්ෂක ලේකම්ට ලිපියක් ‘කළු කොටි සැමරුම’ යෙදෙන හෙට (05) හෝ අනින්දා (06) උතුරු, නැගෙනහිර හෝ දකුණු පළාත ඉලක්කකරගෙන බෝම්බ ප්‍රහාරයක්, යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් කර එය එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් කරන ලද්දක් යැයි ඒත්තු ගැන්වීමට සුදානමක් පවතින බවට විශේෂිත තොරතුරක් ලැබී ඇතැයි පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත. 04 July 2022
ජගත් ගෙන් ජනපතිට සැර ලිපියක් ආණ්ඩු පක්ෂය රැස්වීම කාලය කා දමන කතා මණ්ඩපයක් පමණක් බැවින්, තමා අද (04)පැවැත්වෙන ආණ්ඩු පක්ෂ රැස්වීමට සහභාගී නොවන බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත. 04 July 2022
ජලයට කොටුවූ තරුණයෝ දෙකක් බේරා ගැනෙති මහනුවර ප්‍රදේශයට ඉකුත් දින කීපය ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසා වාන් දොරටු කිහිපයක් විවෘත කිරීමෙන් වික්ටෝරියා ජලාශයේ හාරගම ප්‍රදේශයේ මුඩුබිමක කොටුවී සිටි තරුණයන් දෙදෙනකු පොලිස් ජිවිතාරක්ෂක කණ්ඩායමක් එහි ගොස් ඔවුන් බේරා ගෙන තිබේ. 04 July 2022
හොරකම් කරලා හදපු ගෙවල් ගිනි තැබීම සාධාරණයි මුදල් හොරකම් කරලා හදපු ගෙවල් ගිනි තැබීම සාධාරණ බව බදුල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 04 July 2022
රෝහල්වලට එන පිරිසත් අඩුවෙයි පවතින් ඉන්ධන අර්බුදය හා ප්‍රවාහන පහසුකම් ලබාගැනීමේ ගැටලු හේතුවෙන් රෝහල්වල කාර්ය මණ්ඩල පැමිණීමේ මෙන්ම රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ගේ ද අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. 04 July 2022
සජිත් - මෛත්‍රී හමුවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් විපක්ෂනායක කාර්යාලයේ දී අද හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වූහ. 04 July 2022
ජැක්සන්ට පැය හතක සැත්කමක් අනුරාධපුරයේදී අනතුරකට ලක්වූ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී මහතාට කොළඹ ජාතික රෝහලේ දී අද (4) පැය 7ක ශල්‍යකර්මයක් සිදුකෙරිණි. 04 July 2022
දරුවා ඇකයේ සිටියදී මවගේ ගෙල කපා රන් මාලය පැහැර ගනී අත දරුවෙකු රැගෙන නිවසට යමින් සිටි එක් දරු මවකගේ ගෙල තියුණු ආයුදයකින් කපා ඇය ඝාතනය කර ගෙල බැදි රන් මාලය කඩාගෙන යාමේ දුක්මුසු පුවතක් පොල්පිතිගම පොලිසියෙන් වාර්තා වෙයි. 04 July 2022
ශානුක කරුණාරත්න අගමැති මාධ්‍ය ලේකම් ධුරයට මාධ්‍යවේදී ශානුක කරුණාරත්න අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ධුරයට පත්කර තිබෙි. 04 July 2022
හමුදා නිලධාරියාගේ පා පහර ගැන හමුදාවෙන් පරීක්ෂණයක් කරුණෑගල යක්ගහපිටිය අයි. ඕ. සී. ඉන්ධන පිරවුම් හලේ ඇති වු නොසන්සුන්තාවක් අතර තුර පිරවුම්හලේ සිටි පුද්ගලයකුගේ බඩට එහි සිටි නිලඇදුමෙන් සැරසුන හමුදා නිලධාරියකු පා පහර එල්ල කරනු වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලාවවල සංසරණය වෙයි. 04 July 2022
2022 උසස් පෙළ මසක් ප්‍රමාදයි 2021 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන අගෝස්තු 15 වැනිදා නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදි අද (04) ප්‍රකාශ කළේය. 04 July 2022
ඉන්ධන වාර්තාවක් ශ්රේෂ්ඨාධිකරණෙයන් ඉල්ලයි ඉන්ධන මිලදී ගැනීම, බෙදා හැරිම සහ ඉන්ධන බෙදාහැරීමේදී ප්‍රමුඛස්ථානය ලබා දෙන ක්ෂේත්‍ර කවරේදැයි යන්න පැහැදිලි කර ඒ සම්බන්ධ වාර්තාවක් ලබන 12 වැනිදාට පෙර අධිකරණයට ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නිතිපතිවරයාට අද (04) නියෝග කළේය. 04 July 2022
ගැබිණි මව සමග අතරමඟ නතර වූ ත්‍රිවිලයට පොලිසියෙන් ඉන්ධන ගර්භණී මවක් රැගෙන යමින් සිටි ත්‍රීරෝද රථයක් පෙට්‍රල් නොමැතිව මග නතර වී සිටිනු දැක කලවාන පොලිස් ස්ථානයේ නිලධාරිවරයකු සිය යතුරු පැදියෙන් තෙල් ඇද ලබා දීමට කටයුතු කළේය. 04 July 2022
මූල්‍ය අරමුදලේ සාකච්ඡා ගැන අගමැතිගෙන් ප්‍රකාශයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කෙරෙන සාකච්ඡා වල ප්‍රගතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී හෙට (5) ප්‍රකාශයක් කිරීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය. 04 July 2022
රුසියාවෙන් ලැබුණ ලියුම ගැන මෛත්‍රී කතා කරයි රුසියා ආණ්ඩුව තමාට එවූ ලිපියේ සඳහන්ව තිබුණේ කළ හැකි දේ යැයිද රජය ඒ ගැන ක්‍රියා නො කළා නම් කණගාටුවට පත්වන බව ද හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී අද(4)පැවසීය. 04 July 2022
ජැක්සන්ගේ වාහනයේ ගැටුණු අලියා සොයා මෙහෙයුමක් ප්‍රවීන රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි මහතා ගමන්ගත් කැබ් රථයේ ගැටුන වල් අලියා සෙවිම සදහා කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂක කාර්යාලයේ උසස් නිලධාරියෙකු පැවසිය. 04 July 2022
රඹුටන් ඇටයක් සිරවී දස හැවිරිදි දරුවා මරුට රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් යාපනය, තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු දහයක දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කන්කසන්තුරය පොලිසිය පවසයි. 04 July 2022
‘‘ ගිනි කන්ද උඩ ටෙනිස් බෝල ගහන්න එපා‘‘ ගිනි කන්දක් උඩ ටෙනිස් බෝල ගහන්නේ නැතිව හා රටේ ජනතාවගේ සහ ජාත්‍යන්තර විශ්වාසය දැනගත හැකි වැඩපිළිවෙලකට යමු යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා (පොපෙ) පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය. 04 July 2022
පළමු ශ්‍රේණියට සිසුන් ගැනීමේ කාලය තවත් දිගු කළ හැකියි පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ කාලය තවත් දීර්ඝ කිරීමට හැකියාව තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ද පැවසීය. 04 July 2022
ඇමෙරිකන් විද්‍යාඥයන්ගෙන් අසූචි බැංකුවක් විද්‍යාඥයන් ඔවුන් බලාපොරොත්තු වන ආකාරයෙන් සියලූ දේ සිදුකළහොත් ඔබගේ මල ජිවිතේ කුමන හෝ අවධියකදී භාවිතයට ගැනීම සඳහා අයිස් මත තැන්පත් කිරීම සම්මතයක් විය හැක. 04 July 2022
කෝටි 19ක රත්‍රං කටුනායකින් අල්ලයි රුපියල් කෝටි 19 ක් වටිනා ස්වර්ණාභරණ , රන් බිස්කට් සහ විදේශ මුදල් තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් නීතිවිරෝධී ලෙස පිට කිරීමට තැත් කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු ද සමග අත් අඩංගුවට ගැනීමට ගුවන් තොටුපළ රේගු නිලධාරීන් පිරිසක් ඊයේ (03) රාත්‍රීෙය් සමත් වී තිබේ. 04 July 2022
කෝපන්හේගන් නුවර වෙඩි තැබීමකින් 3 ක් මරුට රයිෆලයක් අතැතිව ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලකට කඩා වැදුණු පුද්ගලයකු කළ වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 10 ක් බව පැවැසෙයි. 04 July 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026