ඇඟළුම් හිමියන් කබලෙන් ලිපට රජයට වැට් බද්ද ආපසු ගෙවීම අහෝසි කිරීම නිසා මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් කර්මාන්ත හිමියන් කබලෙන් ලිපට වැටී ඇතැයි ශ්‍රී ලංකා ඇඟළුම් ආපනයන මණ්ඩලයේ සභාපති බන්දුල ප්‍රනාන්දු මහතා පවසයි. 07 August 2023
අරගලයක සෙවණැලි ගැන බුද්ධි අංශ වාර්තාවක් නියගය හේතුවෙන් ගොවි ජනතාව අතර ඇතිවී තිබෙන නොසන්සුන් තත්වය උපයෝගීකරගෙන එම ජනතාව රජයට එරෙහිව පාරට බස්සවා නැවතත් විරෝධතා රැල්ලක් ඇති කිරීමේ වැඩපිළිවෙලක් සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙමින් පවතින බවට රජයේ බුද්ධි අංශ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රහස්‍ය වාර්තාවක් බාර දෙමින් දැනුම් දී ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. 07 August 2023
නාමල්ගේ විදුලි බිල හිඟන්නාගේ තුවාලය වගේ නාමල් රාජපක්ෂ මහතාට සමාජයේ කථා බහ වන ආකාරයේ විදුලි බිලක් ලැබී නොමති බවත් මෙම බිදුලි බිල අයකරගැනීමේ උවමනාවකට වඩා රාජපක්ෂවරුන්ට මඩ ගැසීමේ පරමාර්ථයක් ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (7) පැවසීය. 07 August 2023
තේ දළු මිල පහළට: වතුහිමියෝ ගැටලු රැසක දලු මිල බරපතල ලෙස පහත වැටීම නිසා තමන් ගැටලු රැසකට මුහුණ දී ඇතැයි තේ වතු හිමියෝ පවසති. රුපියල් 350- 400 දක්වා පසුගිය කාලයේදි මිල ඉහළ ගිය අමු තේ දලු කිලෝවක මිල මේ වන විට රුපියල් 160- 65 දක්වා පහත වැටී ඇතැයි තේ වතු හිමියෝ පවසති. 07 August 2023
මූල්‍ය වාර්තාව ගැන විවාදය හෙට වසර මැද මූල්‍ය තත්වය(2023) වාර්තාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය පාර්ලිමේන්තුවේදී හෙට (8) පැවැත්වේ. මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ ආණ්ඩු පක්ෂය විසිනි. 07 August 2023
නියං රකුසා මහවැලියත් බිලිගනී දිවයින පුරා පවතින දැඩි නියඟය හේතුවෙන් ජලාශ ගංඟා ඇළ දොළ සිඳී යමින් පවතින අතර ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දැඩි පානීය ජල හිඟයකට මුහුණ දී සිටිමින් සිටිති. 07 August 2023
සමනළවැවෙන් ජලය දෙන්න යෝජනා කැබිනට් මණ්ඩලයට සමනළවැව ජලාශයෙන් කෘෂිකාර්මික සහ වාරිමාර්ග කටයුතු වෙනුවෙන් අවශ්‍ය ජලය නිදහස් කිරීමට සහ අඛණ්ඩව විදුලිබලය සැපයීමේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ව සකස් කළ යෝජනා කැබිනට් මණ්ඩලයට යොමු කිරීමේ විශේෂ හමුවක් අද (7) පෙරවරුවේ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 07 August 2023
’’අලුත් ගමක් - අලුත් රටක්’’ හදන්න අගමැති අම්පාරට ’’අලුත් ගමක් - අලුත් රටක් ’’ ජාතික ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනේ අම්පාර දිස්ත්‍රික් රැස්වීම පසුගියදා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ඒ.අයි. වික්‍රම ශාලාවේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි 07 August 2023
බොරැල්ල ව්‍යාපාරිකයා ඝාතනයට 3ක් සැකපිට යතුරු පැදියකින් පැමිණ බොරැල්ල ලෙස්ලි රණගල මාවතේදී. ටී 56 ගිනි අවියකින් වෙඩිතබා ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි. 07 August 2023
මංගල දැන්වීමෙන් හමුවූ කත ලක්ෂ 69කට විදලා මංගල දැන්වීමකින් දැන හඳුනාගෙන විවාහ වීමේ අපේක්ෂාවෙන් සිටී 67 හැවිරිදි පුද්ගලයෙකු ට තර්ජනය කර බිය ගන්වා රුපියල් ලක්ෂ 69 මුදලක් බලහත්කාරයෙන්බැංකු ගිණුමක තැන්පත් කර ගත් බව කියන 57 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය කියයි. 07 August 2023
කැකිරාව ප්‍රා.ලේ කාර්යාලයේ වැසිකිලියක පිපිරීමක් කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල කාමරය අසල වැසිකිලියක පිපිරීමක් සිදුව ඇතැයි කැකිරාව පොලිසිය කියයි. 07 August 2023
ගුවන් අනතුරින් ඉංජිනේරුවා, ගුවන් නියමුවා මරුට චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුරේ පුහුණුවීම සඳහා යොදා ගන්නා ජී.ටී .6 වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් අද උදේ 11.45 ට පමණ කඩා වැටීමෙන්එහි ගුවන් නියමුවා සහ ගුවන් හමුදා ඉංජිනේරුවරයා මියගොස් ඇතැයි චීන වරාය පොලිසිය පවසයි. 07 August 2023
මාරයා තැඹිලි ගහෙන් එයි නිකවැරටිය ,හැවැන්පැලැස්ස ප්‍රදේශයේ තැඹිලි ගසකින් තැඹිලි ඉත්තක් කැපීමට ගිය පුද්ගලයෙකු එම. ගසෙන් ඇද වැටී මරණයට පත්ව ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි . 07 August 2023
මහ කන්නෙට එක්සත් ජාතීන්ගෙන් යූරියා ටොන් 8360ක් ඉදිරි මහ කන්නයේදී බෙදා හැරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 8360 ක් පසුගිය දා කෘෂි කර්ම අමාත්‍යංශයට භාර දෙනු ලැබ ඇත. 07 August 2023
දුරකතනය උදුරගන්න චීන කතට පොල්ලකින් ගහලා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දුරකථනයෙන් විඩියෝ ගත කරමින් ගමන් ගත් චීන ජාතික කාන්තාවකගේ දුරකථනය කොල්ල කෑමට දුම්රිය මාර්ගයේ සිට පොල්ලකින් පහර දුන් සැකකරුවන් දෙදෙනෙකු නාවලපිටිය පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 07 August 2023
මාර්ක් - ඊලෝන් සටන ට්විටර් ඔස්සේ සජීවීව ෆේස්බුක් සමාගමේ ප්‍රධානි මාර්ක් සකර්බර්ග් සහ තමන් අතර කූඩුවක් තුළ පැවැත්වීමට නියමිත මික්ස් මාර්ෂල් ආර්ට් සටන ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී ව විකාශනය කෙරෙනු ඇතැයි ටෙස්ලා ප්‍රධානී ඊලෝන් මස්ක් ඊයේ (06) සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය. 07 August 2023
තබ්බෝවේ ජලය අපතේ තබ්බෝව ජලාශයෙ වම් ඉවුර යටතේ ඇති සොරෝව්ව නිසි ලෙස වසා ගැනිමට නොහැකි විමේන් දැවන්ත ජල කදක් අපතේ යමින් ඇති බව ගොවීන් හා ගොවීජන සංවිධාන චෝදනා කරති. 07 August 2023
කඳානේ වෙඩි තැබීමේ සිද්ධීය සැකකරු මාට්ටු කදාන ප්‍රදේශයේ ව්‍යාපාරියකුගේ නිවසට පසුගිය දා වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කර්ය බලකාය කියයි . 07 August 2023
චීනයෙන් ගැලවුණු විදුලි ව්‍යාපෘතිය ඉන්දියාවට? ඇමෙරිකානු ඩොලර් මිලියන 12 ක ඉන්දියානු ප්‍රදානයක් යටතේ උතුරේ දූපත් තුනක ආරම්භ කිරීමට නියමිත විදුලි ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව චීනය වෙනුවට ඉන්දියාව තෝරා ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 07 August 2023
නියඟයේ වගා හානි තක්සේරු අරඹයි නියඟය නිසා වී වගාවට සිදු ව ඇති හානිය තක්සේරු කිරීම වහා අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දුන්නේය. 07 August 2023
තාක්ෂණික දැනුම බෙදා ගැනීමට ඉරානය සූදානම් ඉරානයට දැඩි සම්බාධක පනවා තිබුණත් විද්‍යාව හා තාක්ෂණය යන ක්ෂේත්රයන් හි සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබෙන බවත් ලබා ගත් එම දැනුම ශ්‍රී ලංකාව වැනි මිත්‍රශීලි රටවල් සමඟ බෙදා ගැනීමට සූදානම් බවත් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සාකච්ඡාකදී ප්‍රකාශ කර ඇත. 07 August 2023
යකඩ බොයිලේරුවේ කෑලි විසි වී 7ක් රෝහලේ කැස්බෑව දියගම පාරේ පිහිටි පෞද්ගලික ආයතනයක යකඩ උණු කරන බොයිලේරුවෙන් ගිනියම් වූ යකඩ කැබලි පිටතට විසි වීම නිසා එහි සේවය කරන ඉන්දියන් ජාතිකයින් හත්දෙනෙකු පිලිස්සුම් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත. 07 August 2023
තෙල් සංස්ථාවේ වාහනය අලුත් කරන්න ලක්ෂ 26ක් ගෙවලා? ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හිමි ජීප් රථයක් අලුත්වැඩියාව සඳහා වසර දෙකකට වැඩි කාලයක් වෙනත් ස්ථානයක තබා ගාස්තුව ලෙස රුපියල් ලක්ෂ 26 ක මුදලක් ගෙවා ඇතැයි එහි සේවකයෝ චෝදනා කරති. 07 August 2023
විල්පත්තුවේ සතුන්ටත් වතුර නෑ පවතින දැඩි නියගය හේතුවෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ පිහිටි කුඩා විල්ලු රැසක ජලය සිදිගොස් තිබේ. 07 August 2023
අදත් තැනින් තැනට සිහින් වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 07 August 2023
අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’ නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී. 07 August 2023
තලවිල කූඩාරමක වන්දනා කරුවෙක් මිය ගිහින් තලවිල සාන්ත ආනා දේවස්ථානය වන්දනාමාන කිරීමට පැමිණ දේවස්ථාන භූමියේ කූඩාරමක් ඉදිකරගෙන පවුලේ අය සමග එහි ගත කළ අයකු අද(6) රාත්‍රියේ හදිසියේ ඇති වූ අසනීප තත්වයක් නිසා මියගොස් ඇතැයි කල්පිටිය පොලීසිය පවසයි. 06 August 2023
ලොතරැයියක් ඇදුණු ව්‍යාපාරිකයා පැහැරගෙන රුපියල් කෝටි හතහමාරක ලොතරැයි දිනුම ඇදුණු යි පැවසෙන අකුරණ ප්‍රදේශයේ පුද්ගලයකු පැහැරගෙන විත් දින දහයක් පුරා පහරදෙමින් ගම්පොළ රත්මල්කඩුව ප්‍රදේශයේ නිවාස දෙකක වරින්වර සිර කර සිටියදී ගම්පොල විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් හා ගම්පොල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පැමිණ එම පුද්ගලයා මුදාගෙන ඊට සම්බන්ධ කල්ලියේ සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. 06 August 2023
පාසල් ජල කරාමෙටත් තහංචියක් පාසල් වල නියමිත ඒකක ප්‍රමාණය ඉක්මවා භාවිත කරන පානීය ජලය වෙනුවෙන් මුදලක් අය කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත. 06 August 2023
උපන් බිමට ගෞරවය ගෙනා මිනුලි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 11 හැවිරිදි ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිනුලි සොහන්සා මහා බි්රතාන්යයේ ජාතික ජිම්නාස්ටික් කණ්ඩායමට ඇතුළත් වීමට වඩාත් කැපී පෙණෙන සිද්ධියක් බවට පත්ව තිබේ. 06 August 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026