(සුජිත් හේවාජුලිගේ )
නිල නිවස අහිමිවීමෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාට වෙච්ච දේ හොඳ යැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය
ඔහු පොළොන්නරුවෙන් පැමිණියේ ඒ නිවස බලාගෙනම බවද ඔහු සඳහන් කළේය.
මෛත්‍රිපාල සිරිසේන මහතා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ නායකයකු බවත් ඔහු ජනාපති ධූරයේ දැරූ කාලයේ වැඩ කළේ පොළොන්නරුවට පමණක් බවත් මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ට වුණු දේ හොයන්න කළින් තමන්ගේ හඳහන බලාගන්න.
මෛත්‍රීට එසේ විය යුතුමයි. ඒත් කාලයක් ඔබතුමාව හිරෙන් නිදහස් කරගන්න ඔය පුද්ගලයාත් දැඩි උත්සාහයක් ගත්තා වගේ මතකයි...
පස්ස දොරින් මහින්දව අගමැති කරලා රටම ගිනි අව්ලපු කෙනෙක් කියලා ඉතිහාස ගතවෙලා හමාරයි...!
ඔබට ආත්මයක් කියලා දෙයක් තියෙනවද?
උදව් කරපු අත හපාකන කෙනෙක් ම තමයි. තමුන්ටත්වෙන දේ ඊළඟ ඡන්දෙදී පෙනේවි.
සිරිසේනට නිල නිවාස දෙන එක අධිකරණය විසින් තහනම් කළ තීන්දුව මම අගය කරනවා.. ඔබතුමා රට, ජාතිය වෙනුවෙන් සටන් කළ එක ගැන මගේ ප්‍රණාමය පුද කරනවා.. නමුත් ඔබගේ දේශපාලන ගමනේ, හැසිරීම, ප්‍රකාශ නිසා දිනෙන් දින ජනතාව ඔබගෙන් ඈත්වන බව පෙනේ.. ඉදිරියේදී ජනපති තබා ඔබට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්වත් වෙන්න පුළුවන්ද කියන එක සැක සහිතයි.. ඔබතුමාට කිසිම දේශපාලන කණ්ඩායමක් සමග එකට වැඩකළ නොහැකි විය.. කරුණාකර ඔබතුම දේශපාලනෙන් විශ්‍රාම යනවා නම් ඔබතුමාගේ ප්‍රතිරූපයට හොඳ බව මගේ අදහසයි.
දේශපාලනයට අලුතින් එන සෑමදෙනාම රටේ නායකයා වෙන්න සිහින මවනවා.
ඇයි එතකොට අනිත් අයට නිල නිවාස? ගෝඨාභය, මහින්ද, හේමා ප්‍රේමදාස, චන්ද්‍රිකා ...මේ සියලු දෙනාටම ලැබිය යුතු නෑ.
අනිවාරයේන් ඒසේ වියයුතුයි... මිනිහා බලයට ආවේ බොල්පෝයින්ට් පෑනෙන් අත්සන්කරලා. දීපු බත් එක කාලා පොළොන්නරුවේ ඉඳලා සරලව පාලනය කරනවා කියලනේ... නමුත් කේරුවාව මිනිහාගේ.. වාහන 17 ක් සමග ගමන.. රඡයේ ගෙවල් දෙකක් එක්කරලා මන්දිරයක් තමාටම ඡීවත්ව ඉන්නකන් භුක්ති විඳින්න හදාගෙන... මොකක්ද රටට කරපු සේවය... ඡනතාව අන්දලා... පාස්කූ ප්‍රහාරයෙන් අහින්සක ඡනයා මැරේන්න ඉඩ ඇරලා... කුණු කඳු, ශාලාව විනාශය සහ මහබැන්කූ හොරකම බලාඉඳලා කිසිවක් නොකර හිටියා.. මේ වගේ අයට ඡනතා මුදලින් සැප දෙන්නේ කොහොමද...? ලැඡ්ඡා නහරය තියනවද?
සිරිසේන යනු බොරු කාරයෙක්.., විශ්‍රාම ගිය ඔහුට කොළඹින් ගෙයක් දෙන්න අවශ්‍ය නැහැ. නමුත් ෆොන්සේකා මහත්මයා ඔහුට වයස 62 වෙනකම් හමුදාවේ සේවය කළා.. ඔහුට කිහිප වාරයක් භයානක ත්‍රස්තවාදී ප්‍රහාරවලට මුහුණ දෙන්න සිද්ධ වුණු, ඔහුගේ ජීවිතේ අවුරුදු 20 සිට 60 දක්වා ගතකළේ ඉතා දුෂ්කර ජීවිතයක්..., දැන් ඔහු ඉන්නේ විශ්‍රාම ගොස් විවේක ගන්න ඕනේ වයසේ නේද? දැන් 70ට වැඩි, ඔහුට තව දුරටත් දේශපාලනය කරන්න සුදුසු ශාරීරිකව හෝ මානසික සුවතාවයක් නැහැ...
ෆොන්සේකා මහත්මයා ඔබට දේශපාලනය ගැලපෙන්නේ නෑ. කරුණාකරලා දේශපාලනයෙන් ඉවත් වෙන්න. ඔබ දක්ෂ හමුදා නිලධාරියෙක්. ඒත් හමුදාවයි, දේශපාලනයයි ගැලපෙන්නේ නෑ. හමුදාවේ තියෙන දැඩි බව දේශපාලනයට ගැලපෙන්නේ නෑ. අපිට තේරුම් ගිය විදියට හමුදාවේ තියෙන විනය ඔබ තුළ නෑ.
රටේ මිනිස්සු තුළ ඔබතුමාට බොහෝම ගෞරවයක් තිබුණා හමුදාපති ලෙස. දේශපාලනයට ඇවිත් දැන් ඒක විනාශ කරගන්නවා. කව්රුවත් සමඟ සහයෝගයෙන් වැඩකරන්න ඔබතුමාට බෑ. නිහතමානී වෙන්න. දේශපාලකයෙක් විදියට ඔබතුමා කියන දේවල් හරිම අප්‍රසන්නයි. කෘෘර වෙන්න එපා. අනුන්ගේ දුකේදී සතුටු වෙන්න එපා, කෘතගුණ වෙන්න..
සිරිසේනට මහජන මුදලින් කොළඹින් ගෙවල් දෙන එක අනුමත නොකරමි. සරත් ෆොන්සේකා මහතා අපේ ගමේ අම්බලන්ගොඩ මම කුඩා කල සිට දන්නා කෙනෙක්... ඉස්සර සරත් ෆොන්සේකා නමැති සෙන්පතියාට විශාල පිළිගැනීමක් ගමේ තිබුණා, නමුත් දේශපාලනය කරන්න ගත්තාට පස්සේ එම ප්‍රතිරූපය විනාශ වෙමින් පවතිනවා. ඔහු දේශපාලනෙන් විශ්‍රාම ගන්නවා නම් හොඳ බව මගේ අදහසයි. ඔහුට යුද්ධ කරන්න පුළුවන් වුණාට දේශපාලනේ බැහැ...