(සුජිත් හේවාජුලිගේ )
බාල ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින සෞඛ්‍ය හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන බව ඔහු පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.
අසනීප තත්වයෙන් පසුවන හෙයින් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන බවද එමගින් දන්වා ඇත.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු පසු ඔහුගේ ලේකම්වරයකු විසින් කරන ලද ඉල්ලීමක් අනුව පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි කරවීමට කතානායකවරයාගේ උපදෙස් මත වේත්‍රධාරිවරයා සියලු කටයුතු සූදානම් කර තිබිණ.
රඹුක්වැල්ල මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසු හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි.
මේ අතර ඔහුගේ අසනීප තත්වය සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය බන්ධනාගාර කොමසාරිස්වරයාට පසුගියදා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ගාව නම් පාර්ලිමේන්තුවේ පැත්ත හරියටවත් ගන්න එපා...
ඔන්න තවත් ආරංචියක් තියෙනවා... දැන දැන මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කරපු කෙනාටත් මූලික මිනිස් අයිතිවාසිකම් තියෙනවා කියා.
හොඳට හිටිය මිනිහා බන්ධනාගාරයට ගිය ගමන් ලෙඩ වෙනවා. නීතියේ දුර්වල තැන් කොයිතරම් අවභාවිතා කරනවාද?
ලැජ්ජා ඇති...
ඇඳුමක් ඇඳගෙන කොහොම එන්නද? ඒකයි එන්න බැහැ කියන්නේ...!
කළකම් පඩිසන් දෙනවා.
යන්න බැරිනම් ඉල්ලා අස්වෙලා හිරේටම යන්න. ඊළඟට ඉන්න කෙනා හොරෙක් නොවෙනවා නම් අගෙයි...
කියපු කරපු දේවල් වල හැටියට රෙද්දක් ඇඳගෙන එන්න බැරුව ඇති. පාර්ලිමේන්තුව ඉස්සරහා මල් ශාලාවන් දැම්මා නම් තමයි හොඳ....!
පාර්ලිමේන්තුවට ආවොත් හොඳවයින් දෙකක් අහගන්න පුළුවන්, අනේ එන්න ඔයා නැතුව බැහැ..