(යොහාන් භාසුර)
ඉන්ධන බෙදුම්කරුවන්ගේ මාසික වට්ටම් මුදලින් සියයට 35 ක් මාසික පරිහරණ ගාස්තුවක් ලෙස මෙම 4 වැනිදා සිට අයකර ගැනීමට ලංකා ඛනිජතෙල් සංස්ථාව තීරණය කර ඇති බවත් එම තීරණයට විරුද්ධව සංස්ථා පාලිත ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය දැඩි පියවරක් ගන්නා බවත් සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගේ සංගමය පැවසීය.
සංස්ථාව විසින් මාසික පරිහරණ ගාස්තුව ලෙස සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගෙන් දැනටමත් වට්ටම් මුදලින් සියයට 0.25 ක් අයකරන බවත් සංස්ථාව මඟින් ඔවුන්ගේ සියලුම වියදම් හා ලාභ ප්‍රතිශතයක් එක් කර බෙදුම්කරුවන් වෙත දෙන ඉන්ධන, ඔවුන් ප්‍රකාශ කරන මුදලට විකුණා ලබන ඉතා කුඩා ලාභ ප්‍රතිශතයෙන් තවත් සියයට 2.75 ක කොටසක් ලබාගැනීමට උත්සාහ කිරීම හෙළා දකින බවත් එම සංගමය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මොනවා කිව්වත් වැඩක් නෑ. කාංචන ගේම ගහලා ඉවරයි. හොරු ගෙදර පෙට්‍රෝලියම් එක පුද්ගලීකරණය වෙලා.. ජනතාවගේ සුබපැතුම් ආණ්ඩුවට..
මොන කරදරයක්ද? එක එක කාලෙට එකඑක ප්‍රශ්න, රජය මගින් කරන ගමන් බලපත්‍ර, හැඳුනුම් පත්, රියදුරු බලපත්, ශ්‍රීලන්කන් ගුවන් සේවය, ඛනිජතෙල්, වැනි කිසිම ආයතනයකින් හැම සේවාවකටම විශාල මුදලක් අය කළත්, කොපමණ සේවකයන් සිටියත්, ජනතාවට නිසි සේවයක් සැලසෙන්නේ නැහැ. ජනතාවට හරි කරදරයක්, මේවා හොර ගුහාවල්...
ඔය එන්නේ පෙට්‍රෝලියම් එක වහලා දාන්න. වැහුවායින් පස්සේ බලාගන්න පුළුවන් අනිත් කම්පැණිවල කෙරුවාව...
සංස්ථා පාලිත ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය දැඩි පියවරක් ගැනීමට සූදානම් නම් පුද්ගලික අංශයේ ඉන්ධන බෙදුම්කරුවන් යොදා සංස්ථාවේ වාහන යොදවා බෙදාහැරීම කලහැකිය.
ඒවාත් කාටහරි විකුණා කීයක් හරි අතමිට මොලවා ගැනීමට අදහසක් තියෙන්න පුළුවන් කියලා හිතෙනවා..
සංස්ථාව ඉවරයි... ආයිත් ඔය ප්‍රශ්න එන්නේ නෑ.