විදුලි ගාස්තු සංශෝධනයක් නෑ විවිධ මාධ්‍යයවල පළවන ආකාරයට විදුලි ගාස්තු සංශෝධනයක් නොවන බවත් ඊයේ ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජනවාරි සහ ජූලි යන මාසවලදී පමණක් විදුලි ගාස්තු සංශෝදනය කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. 08 August 2023
ඊ.පී.එෆ් පොලිය තහවුරු කරන්න කැබිනට් අනුමැතිය සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ දායකත්වයෙන් මුදල් මත වන ප්රතිලාභ පොලී අනුපාත තහවුරු කිරීමට හැකිවන පරිදි 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 08 August 2023
පළිබෝධනාශක පාලන පනත සංශෝධනයට පළිබෝධනාශක පාලනය කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 08 August 2023
රිය අනතුරින් මව මරුට පුතා රෝහලට අනුරාධපුරයට ගොස් නිවසට එද්දී බුලත්සිංහල නගරයේ දී යතුරු පැදිය නවතා තිබූ බස් රථයක ගැටී මව මියගොස් පුතා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය පවසයි. 08 August 2023
13 ගැන ජනපතිගෙන් හෙට ප්‍රකාශයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීමට අදාල සියලු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී හෙට (9) විශේෂ ප්‍රකාශයක් කරයි. 08 August 2023
බස් රථවලට විද්‍යුත් ටිකට් පතක් පොදු ප්‍රවාහන සේවා සඳහා විද්‍යුත් ටිකට් පත් ( E- ticketing) ක්‍රමය හඳුන්වා දීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී සඳහන් කළේය. 08 August 2023
මහබැංකුවට පනින්න හැදූ නව දෙනෙක් අත්අඩංගුවට මහ බැංකු පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට ගිය පිරිස අතරින් පුද්ගලයන් 09 දෙනකු පොලිස් අත්අඩංගුට ගත් බව පොලිසිය කියයි. 08 August 2023
සමනල වැවෙන් උඩවලවට ජලය උඩවලව ජලාශයෙන් පෝෂණය වන කුඹුරුවලට ජලය ලබාදීම සඳහා සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය මුදා හැරිම අද අළුයමි සිදු කෙරිණි. 08 August 2023
අඹ ,පේර වැල් එයි අඹ ගස් හා පේර ගස් වෙනුවට අඹ වැල් හා පේර වැල්වල ඵල හටගන්නා නව කෘෂි තාක්ෂණය අධි ඝනත්ව වගා ක්‍රමය ප්‍රථම වරට මෙරටට හඳුන්වා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය පියවර ගෙන තිබේ. 08 August 2023
පළාත් පාලන පනත් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සංශෝධන පනත් කෙටුම්පත් වල ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (8) දැනුම් දුන්නේය. 08 August 2023
’අගෝස්තු 16න් පසු සමනල වැවෙන් විදුලිය නෑ ’ සමනල වැව ජලාශයේ විදුලි උත්පාදනය අගෝස්තු 16 වන විට සම්පූර්ණයෙන්ම ඇනහිටින බව විදුලි බල හා ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 08 August 2023
සිසුන්ගේ ආහාර ගැන බලන්න ටෙන්ඩුල්කාර් සබරගමුවට යුනිසෙෆ් සංවිධානයේ අනුග්‍රහය යටතේ සබරගමු පළාතේ ක්‍රියාත්මක පෙර පාසල් සදහා දිවා ආහාර ලබා දීමේ වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ වැඩසටහනක් සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ උතුරු ගෝනගල පිපෙන කැකුළු පෙර පාසලේ දී පැවැත්වුණි 08 August 2023
රසායනික කර්මාන්ත ශාලාවේ ගින්න සිසුහු 102 රෝහලට යවති කඳානේ රසායනික කර්මාන්ත ශාලාවක් ඇති වූ දුම ආග්‍රාහනය වූ පාසල් සිසුන් පිරිසක් රෝගී වී රාගම රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මර්ග කියයි. 08 August 2023
නියඟයෙන් බැට කන උතුරේ වැසියෝ උතුරු පළාතට බලපා ඇති දැඩි නියං සිහිත කාලගුණය හේතුවෙන් මේ වන විට උතුරේ පවුල් 22,666 කට අයත් පුද්ගලයින් 72,357 දෙනෙකු විපතට පත්ව ඇති බවට දිස්ත්‍රීක්භාර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 08 August 2023
රටපුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ආඥාවක් රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(8)දැනුම් දුන්නේය. 08 August 2023
පීසී ට ගඩොලකින් ගැසූ පීසී අත්අඩංගුවට මඩකලපුව, වාකරේ පොලිස්ථානයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකුට ගඩොල් කැටයකින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන එම පොලිසියේම රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරෙක් වාකරේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 08 August 2023
දත්ත වෙනස් කර මුදල් ගත් කාර්යාල සහයකයින් දෙදෙනා මාට්ටු කල්මුණේ මහ නගර සභාවට අයවිය යුතු රුපියල්18,094,795,28මුදලක් පරිගණක දත්ත වෙනස්කර වංචාවෙන් ලබා ගත්තේ යැයි කියන එම නගර සභාවේ කාර්යාල කාර්ය සහායකයින් දෙදෙනකු රහස් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 08 August 2023
පෙම් පළහිලව්වකට පහරදී ඝාතනය කරලා අවුරුදු දහ නවයක් වයසැති තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය බව කියමින් චෝදනා කර පනස් පස් හැවිරිදි පුද්ගලයකු අල්ලා ගස් බැඳ පහරදී ඝාතනය කළේ යැයි කියන පුද්ගලයින් හයදෙනෙකු යාපනය, චුන්නාකම් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 08 August 2023
නුවරඑළියේ නිවසක වෙඩි වැදි මිය ගිය යුවළක් නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේ නිවසක් තුළ අඹු සැමි යුවළක් වෙඩි වැදී මිය ගොස් ඇතැයි නුවරඑළිය පොලිසිය පවසයි. 08 August 2023
අදත් ලොකු වැස්සක් නෑ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 08 August 2023
රුසියාව ආයෙත් සඳ තරණයට දශක පහකට පසු යළිත් සඳ ගවේෂණයට රොබෝ යානයක් යැවීමට සැලැසුම් කරන බව රුසියාව පවසයි. 08 August 2023
දඹුල්ල අවුරා තුන්වැනි ජය ලබයි ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය ලෙස අද (7) රාත්‍රී පැවැති දිනයේ දෙවැනි තරගයේදී දඹුල්ල අවුරා පිල ලකුණු 9ක කින් ජැෆ්නා කිංග්ස් පිල පරාජය කරමින් තියුණු ජයක් ලැබීය. 07 August 2023
ගුවන් සමාගමේ අධ්යක්ෂ මරා රන් බඩු කොල්ල කාලා රන් අනාභරණ පැහැර ගැනීමේ අරමුණෙන් කොටුගොඩ ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසකට කඩා වැදුණු පුද්ගලයකු එම නිවසේ පදිංචිව සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රවාහන අංශයේ අධ්‍යක්ෂකවරයකුට පිහියකින් ඇනීම නිසා බරපතළ තුවාල ලබා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම සිද්ධියෙන් දින තුනකට පසු මියගිය බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 07 August 2023
කලම්බු ස්ට්‍රයිකර්ස් තුන්වැනි ස්ථානයට එයි ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගය ලෙස අද (7) පැවැති දිනයේ පළමු තරගයේදී කලම්බු ස්ට්‍රයිකර්ස් ක්‍රීඩකයෝ කඩුලු 7 කින් ගෝල් ටයිටන්ස් පරාජය කිරීමට සමත් වූහ. 07 August 2023
පාපන්දු පිටිය යුධ පිටියක් වෙයි: 10 ක් රොහලේ වෙස්ලි විදුහල සහ සහිරා විදුහල අතර පැවති පාපන්දු තරගයකින් අනතුරුව ඇති වූ ගුටිබැට හුවමාරුවකින් දස දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි 07 August 2023
උඩවලවට වතුර දෙන්න කැබිනට් අනුමැතිය කෘෂිකාර්මික කටයුතු සඳහා සමනළ වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 07 August 2023
වේයන්ගොඩ කාශ්මීරා ලෝක ළමා සාම සමුළුව හොල්ලයි ජපානයේ ටෝකියෝ නුවරදී පසුගියදා පැවති ‘‘සිව් වැනි ලෝක ළමා සාම සමුළුව‘‘ ( 4 th Children‘s world peace summit 2023 ) ශ්‍රී ලංකාව නියෝජනය කළ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ ආර්.කශ්මිරා ජයවීර ශිෂ්‍යයාව එම සමුළුවේ දී ‘වඩාත්ම සාමකාමී කථන සම්මාන ලාභියා‘‘( Most Peaceful Speech Award Winner) ලෙස ළමා සාම ත්‍යාග දිනා ගත්තාය. 07 August 2023
මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට සුරාබදු නිලධාරීන්ගෙන් වෙඩි බම්බලපිටිය මුහුදු මාවතේ පිහිටි ඉන්ධන පිරවුම් හලක් අසලට මෝටර් රථයකින් පැමිණි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු සුරාබදු නිලධාරීන් ගේ වෙඩි ප්‍රහාර හමුවේ අද (7) පලාගොස් ඇති බව පොලිසිය කියයි. 07 August 2023
නවක වදය දුන්නැයි රිමාන්ඩ් සිටි කැලණියේ සිසුහු දෙකකට ඇප කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට නවක වදය ලබා දීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනය සිදු කොට මහර අධිකරණයට ඉදිරිපත් කරන ලද රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු දැඩි කොන්දේසි ඇප මත මුදා හැරීමට මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් සමන් දිමුතු කුමාර පරණ ලියනගේ අද ( 7) පස්වරුවේ නියම කෙළේය 07 August 2023
අභියාචනාධිකරණ සභාපති දිවුරයි අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 07 August 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026