(යොහාන් භාසුර)
බලයට ඉව අල්ලන සියලු දේශපාලන පක්ෂ ඉන්දියාවේ හිත ‘ඌයියා වෙයි‘ කියා ඉන්දියාවට එරෙහිව කටක් අරින්නේ නැති බවත් ‘බොරළුගොඩ සිංහයෝ - රාජපක්ෂලා - පොහොට්ටුකාරයෝ‘ සාධුකාර දෙද්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ‘රටේ ස්වෛරීභාවය ඉන්දියාවට බිල්ලට දීම‘ යස අපූරුවට කරගෙන යන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
පාදුක්ක වේරගලදී පැවති ‘9 න් පසුව ශ්‍රී ලංකාවේ ඉරණම?’ යන මැයෙන් පැවති ජන හමුවක් අමතමින් විමල් වීරවංශ මහතා එසේ පැවසීය.
රටක් විදියට නිදහසෙන් පසු මුහුණ දුන් බරපතළම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටියදී් අර්බුද ආපුවාම හරි ප්‍රතිකර්මය කළොත් යම් රටක් හිටියාටත් වඩා හොඳින් නැගිටින බවත් නිදසුනක් හැටියට 1991 දී ඉන්දියාවත් මෙවැනි අර්බුදයකට මුහුණපා සිටියදී ඔවුන්ගේ විදේශ විනිමය සංචිතයේ පැවතියේ පිටරටින් භාණ්ඩ ගෙනඒමට සතියකට සෑහෙන ඩොලර් ප්‍රමාණයක බවත් ඒ මහතා කීය.
එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි, ආර්ථික අර්බුදයට පිළියම් සෙවීම ඒ වනවිට ඉන්දියාවේ කීර්තිමත් ආර්ථික විශේෂඥයෙකු වූ ‘මන්මෝහන් සිං‘ට පැවරූ බව කී වීරවංශ මහතා ඉන්දියාව කෙටි කලක් තුළ ඒ අර්බුදයෙන් ගොඩආ බව ද කීය.
ඉන්දියාවේ ඒ නිවැරදි ගමනේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවට අද ලෝකයේ පස්වැනි ආර්ථික බලවතා බවට පත්වීමට හැකිව ලැබී තිබෙන බවත් නමුත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව දෙන ප්‍රතිකර්ම වළකට වැටී ඇති රට, ඒ වළ පත්ලටම හාරා, මුළු රටම වළලන වර්ගයේ ප්‍රතිකර්ම බව ඉතා පැහැදිලි බවත් වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා දන්නා එකම දේ ජාතිවාදය පතුරුවලා ඡන්ද ටිකක් එකතුකර ගැනීම විතරයි. මතකයිනේ වඳ සාෆි? මෙදාපාර ඔයාගේ ඔය බයිලා වලට රැවටෙන්නේ නැහැ. ඇත්තටම සිංහයෙක් නම් මොකටද නඩුවලට බයේ හැඟෙන්නේ. කෙලින්ම උසාවි ගිහින් ඇත්ත කියන්නකෝ පාස්පෝර්ට් දෙකක් ගත්තේ නැහැ කියලා....
මෙයා හැමදාම කළේ බිල්ලෝ මවන එක. අනේ මෝඩ ඡන්ද දායකයින් දිවිනහා ගත්තේ මෙයාලා කියන දේ විශ්වාස කරලා. හැබැයි මතක තියාගන්න අපිට ඔළුව උස්සන්න අත දුන්නේ ඉන්දියාව කියන එක. ඒකටත් දැන් නඩු...
මේ මනුස්සයා චීන තනාපති කාර්යාලයේ නිල නොවන ශ්‍රී ලංකාව භාර මාධ්‍ය ප්‍රකාශක නෙමෙයි කියලා ඔප්පු කරන්න පුළුවන්ද? චීන අසූචි පෝර නැව ගැන මොකද කියන්නේ කියලා ඇහුවාමත් අනික් පැත්තට ඇහුවේ දැන් එතකොට ඉන්දියාවෙන් ගේන්න හදන පෝර අසුචි නෙමෙයිද කියලා?
චීන වහලාගේ අදහස්...!
ආ..! වත්කම් උපයාගත්ත ආකාරය හෙළිකිරීමට අපහසුවෙන් අධිකරණයට නොගිය කෙනාද මේ...? මෙයාගේ පශ්චාත් ප්‍රෙද්ශයේ අමාරුවක්ලු නේද?
අපි හිතුවේ ඔයා නෑ කියලා.
කෝටි ගණන් ගසා කාපු ඒවා ගැන හොයන්න උසාවියෙන් එන්න කියනකොට බඩ යනවා.
එහෙම නම් මහතීර් මොහොමඩ්ව එක්කන් එන්න.
වදින්න තැනක් නැත. කව්රුත් ගණන් ගන්නේද නැත.. ඡන්දෙ දෙන්නේ ද නැත. අහෝ දුකකි.