( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ස්පා මධ්‍යස්ථාන දෙකක් වටලා  කළමනාකරුවන් දෙදෙනෙකු සමග සුරූපී කාන්තාවන් අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර , ඉංගිරිය , රත්නපුර , දමන , නිවිතිගල හා නාවලපිටිය යන ප්‍රදේශවල පදිංචි 25 -  50 අතර වයසේ පසුවන්නන් අට දෙනෙකු බව පොලීසිය කියයි.

මහරගම වත්තේගෙදර හා පන්නිපිටිය දෙපානම ප්‍රදේශවල පිහිටි ස්ථාන දෙකක ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවිකරන ස්පා  මධ්‍යස්ථාන දෙකක් පිළිබඳව ලද තොරතුරකට අනුව නුගේගොඩ අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගෙන මෙම වැටලීම සිදුකෙරිණි.