
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ නව නිදහස් අරගලය ජාතික ජනබලවේගය අවසන් කරන බව ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් ශාස්ත්‍රපති වකමුල්ලේ උදිත හිමියෝ පැවසූහ.
මහනුවරදී පැවැති ජාතික භික්ෂු පෙරමුණේ මහ සඟ සමුළුවේදී වකමුල්ලේ උදිත හිමියෝ එසේ පැවසූහ.
මෙරට දේශපාලන, ආර්ථික, සමාජමය, සංස්කෘතික වශයෙන් වැනසීමේ වේදනාව ශ්‍රී ලංකාව පුරාම ජාති, ආගම්, කුල භේදයකින් තොරව අපට සෑම තැනින්ම ඇසෙන බවත් අට පිරිකරටත් බදු ගහලා, පාත්තරේටත් වැට් ගහලා, පොඩි ස්වාමීන් වහන්සේලාට අධ්‍යාපනය දෙන්න අමාරුයි කියලා ලොකු හමුදුරුවෝ පවසන බවත් වකමුල්ලේ උදිත හිමියෝ කීහ.
ජනතාව පිරිනමන දානයෙන් යැපෙන හාමුදුරුවන්ටත් ජීවත් වීම අපහසු වී ඇති බව කී උන්වහන්සේ විදුලි බිල, ජල බිල, ගෙවන්න, බෙහෙත් ටික ගන්න, ඉස්ලාම්, කතෝලික, හින්දු ඔවුන්ගේ ආගමික මධ්‍යස්ථාන පල්ලි, කෝවිල් පවත්වාගෙන යන්න අමාරු තත්වයනක් උදාවී ඇති බව ද සඳහන් කළහ.
රටේ සියලුම දෙනාම වසර 133 ක සුද්දාගේ පාලනයත්, වසර 76 ක කළු සුද්දාගේ පාලනය යටතෙ කළ විනාශය අපට හැම තැනින්ම ඇහෙන්න ලැබෙන බව ද උන්වහන්සේ වැඩි දුරටත් පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන තමයි නියම සංඝ සමාජය ඉන්නේ, ආර්ථික වාසි තකා ඉන්න අය නෙමෙයි. නොබියව සත්‍ය තත්ත්වය අවබෝධ කිරීම ගැන සතුටුයි...
බදු අඩු කරගැනීමේ නිදහස් සටන ආරම්භයි. එකතු වෙන්න. ලාල් කාන්ත උපාසක මහතාගේ පෙරහැරටත් වඩින්න, වැනසුවායි කියා දෙසන සංස්කෘතියක් තියත් ගොඩගන්න.
87-89 භීෂණ සමයේ ගල් කටස් තුවක්කුවෙන් හාමුදුරුවරු හත්සිය ගාණක් ඝාතනය කළා. අද නව නිදහස් අරගලයක් ගැන කතා කිරීම විහිළුවක්..!
අපේ හාමුදුරුවන් කලබල වෙන්න එපා. එදා ඉඳන් ම බස් ගිනිතියලා, ගෙවල් ගිනි තියලා, ට්‍රාන්ස්ෆෝමර් ගිනිතියලා, තමන්ගේ මතයට විරුද්ධ වූ අහිංසක මිනිසුන් තම අඹු දරුවන් ඉදිරියේ ම අමු අමුවේ මරලා රාජ්‍ය දේපළ විනාස කරපු අයට ඉදිරියටත් බෝර්ඩ් අල්ලාගෙන පාරේම තමයි ඉන්න වෙන්නේ. එදා හැට නව ලක්ෂයක් සමග එකතුවෙලා මල් වට්ටි බාප්පෙකුට රට බාර දුන්නා. එයා රට ගොඩගන්න බැරි තැනටම පරම්පරා ගණනකට ම ඇති වන්න රටේ ලේ උරා බීලා ඌරෙක් වගේ මහත්වෙලා පැත්තකට වුණා. දැන් අතීතය අමතක වුණු කෙනෙකුට රට බාර දෙන්න දඟලනවා. රටින් ලැබෙන ණය කන්දරාවෙන් ලැබුණු සහනයෙන් ඔබ වහන්සේලාට සප්පායම් වෙන්න ලැජ්ජාවක් නැහැ. ඒත් ණයබර අඩුකර ගන්න අයකරන බද්ද ගැන බණ දේශනා කරන්න පටන් අරන්...
76න් සෑහෙන කොටසක් ජවිපෙටත් හිමියි. ගිනි තිබ්බ පොදු දේපළ ගැන ටිකක් කල්පනා කරන්න. ඒ වගේම 88/89 කාලේ ජවිපෙට ගොදුරු වුණු කීයක්උන්නද කියලත් නිවී සැනසිල්ලේ කල්පනා කරන්න ඕනේ..
සාදු, සාදු... ජයවේවා..!
ජජබය ආපුවාම අපි ආයිත් පෝලිම්වල දුක් විඳින්නයි වෙන්නේ. ඒක තමයි නිදහස් අරගලය.
නව ජාතික ව්‍යාපාරය කාලීන වශයෙන් අතිශයින් වැදගත් මෙහෙවරක් ඉටු කරයි. පවුල්වාදී සහ ජාතිවාදී දේශපාලන ආකෘතියෙන් රට ගලවා නව ලිබරල්වාදී ජනතාවාදී පාලනයක් තුළින් ආර්ථික සමාජීය දේශපාලන සහ සංස්කෘතික පුනරුදයක් සඳහා භික්ෂූන් වහන්සේලා ජාතික ජනබලවේගය සමග අත්වැල් බැඳ ගැනීම අතිශයින් ප්‍රසංශනීයයි. ජයශ්‍රී!