( හේමපාල ලියනගේ)
නාගොඩ වලකුඹුර අත්කම් නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි සේවය අත්හිටුවා ඇති හිටපු පොලිස් සැරයන්වරයකුගේ නිවස ඉදරිපිටදී අහසට වෙඩිතබා සැකකරුවන් පලාගොස් ඇතැයි පොලීසිය කියයි.
නිවස ඉදිරිපිටට පැමිණ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ නිවසේ ජනෙල් වීදුරු දෙකකට ගල් ගසා කුඩු කර අනතුරුව ටී 56 වර්ගයේ අවියකින් මෙම වෙඩි තැබිම සිදු කර ඇතැයි පොලිසි පවසයි.
එම පුද්ගලයන් සැරයන්වරයාගේ ටැබ්ලට් වර්ගයේ පරිගණකයක් සහ ජංගම දුරකථනයක්ද රැගෙන පලා ගොස් ඇත.
මේ සිද්ධියෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවීනැතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් සරණාගත වීසා එකක් වගේ...
පොලිස් පාතාලේ වැඩ මේවා..
මේ සැරයන්වරයා පොලිසියේ හොර වැඩ එළි දක්වලා යූ ටියුබ් එකේ පොලිසිය පතුරු ගහනවා. ඒකෙ පළිය තමයි පොලිසිය ඔය මේ අයගෙන් අරන් තියෙන්නේ.