අනතුරින් පසු පැය 12ක් දුම්රිය ධාවනය නතර වෙලා විල්වත්ත දුම්රිය හරස් මාර්ගයෙදී අද අලුයම සිදුවූ දුම්රිය අනතුරින් පසු දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට පැය 12 වැඩි කාලයක් ගත විය. 09 August 2023
ඊ.පී.එෆ් පොලිය අඩුකරනවාට එරෙහි පෙත්සම විසිවෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි සිදුකරන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙල යටතේ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජන කර ඇති සේවක අර්ථ සාධක අරමුදලේ පොලිය අඩු කිරීමට ගෙන ඇති තීරණය වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අන්තර් සේවක සමාගම් සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය. 09 August 2023
විමල්ගේ වත්කම් නඩුවේ වාචික දේශනවලට දින දෙයි වසර 10ක කාලයක් තුළ සිය නීතී්‍යානුකූල අදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි වු රුපියල් මිලියන 75 කට අධික මුදල් හා වත්කම් උපයා ගත් බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විමල් වීරවංශ මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතා සම්බන්ධයෙන් ඔක්තෝම්බර් 27 වැනිදා වාචික දේශන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද නියම කළේය. 09 August 2023
කොළඹ ජාතික රෝහලේ ශ්‍යල්‍යාගාර අනතුරේ කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර සහ දැඩිසත්කාර ඒකකවල අභ්‍යන්තරය පිරිසිදු කිරීම සඳහා පිටස්තර සුළු සේවකයන් යොදාගැනීමෙන් රෝගී ජීවිත දැඩි අවදානමකට පත්ව ඇතැයි එම රෝහලේ විශේෂඥා වෛද්‍යවරු පවසති. 09 August 2023
ධීවර වන්දි කෝටි ගාණක් ලේකම් කාර්යාලවල හිර වෙලා ධීවර කටයුතුවල වක්‍රව යෙදුණු 15,000කට එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සිදුවූ හානි හේතුවෙන් ලබාදී තිබු රුපියල් කෝටි ගණනක වන්දි මුදල් මාස හයක් තිස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිර වී පවතින බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. 09 August 2023
පාර්ලිමේන්තුවේ ගණපූර්ණය නැති වෙන්න හේතුව කියයි පාර්ලිමේන්තු කමිටු වල සාමාජිකයන් ගණන දෙගුණයකටත් වඩා වැඩිවී ඇති බැවින් කාලය කළමණාකරණය කරගෙන පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යා යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 09 August 2023
පාර්ලිමේන්තුව අදත් සිවු වරක් ගොලුවෙයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙනකු ඝනපූර්ණය නැතැයි දැනුම්දීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු අද (9) දිනයේද අවස්ථා හතරකදී ඇණ හිටියේය. 09 August 2023
‘අරගලයේ’ බලාපොරොත්තු ඉටුවී නැතැයි සියයට 60 ක් පවසති ගාලුමුවදොර පිටියෙන් අරගලකරුවන් නික්ම ගොස් වසරක් ගතවුවද ‘අරගලයේ’ බලාපොරොත්තු ඉටුවී නැතැයි මෙරට ජනතාවගෙන් සියයට 60 කගේ මතය යැයි ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය පවසයි. 09 August 2023
එලොව ගිහින් පැය භාගයෙන් මෙලොව එයි පුද්ගලයකු මියගොස් විනාඩි 30 කට පසු නැවත ජීවතුන් අතරට පැමිණි පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 09 August 2023
ආන්දෝලනාත්මක මරණ 6 න් 5 ක්ම ඖෂධ ආසාත්මිකතාවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියදී ආන්දෝලනාත්මක ලෙස පසුගිය කාලයේ වාර්තා වූ මරණ 6 න් 5 කටම බොහෝ දුරට ඖෂධ ආසාත්මිකතාව හේතුව වී ඇති බවත් අසාත්මිකතාවන්ට හේතුවූ ඖෂධ සම්බන්ධ තත්ව පරීක්ෂණ වාර්තා ද නොතිබූ බවත් එම මරණ පිළිබඳව සෙවීමට පත්කළ විශේෂඥා කමිටුව පවසයි. 09 August 2023
පැය අටකට පසු විල්වත්තේ දුම්රිය ඉවත් කරයි මිරිගම විල්වත්ත දුම්රිය හරස් මාර්ගයෙදී දී අද අලුයම අනතුරට පත්වූ පවුසි කාර්යාල දුම්රිය පස්වරු 2.00 ට පමණ ඉවත් කරනු ලැබීය. 09 August 2023
’’රට වෙනුවෙන් අපිත් සූදානම්’’ දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනා හා අදහස් පරීක්ෂාකර බලා රට වෙනුවෙන් සද්භාවයෙන් කටයුතු කිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. 09 August 2023
10 හැවිරිදි එමාගේ විවාහ සිහිනය මැරෙන්න පෙර හරි යයි ලියුකේමියා රෝගය උත්සන්නවී අසාද්‍යව සිටින 10 හැවිරිදි ඇමෙරිකා ජාතික එමා එඩ්වර්ඩ්ස්ගේ ජීවිතයේ එක් සිහිනයක් ඇය මිය යෑමට පෙර සැබෑ කර දීමට ඇයගේ මාපියෝ කටයුතු කළහ. 09 August 2023
අලුත උපන් බිලිදා පාරට දැමු මව පියා අත්අඩංගුවට නිවස තුළ ප්‍රසුත කළ අලුත උපන් බිළිදෙක් උපන් හැටියේම හොර රහසේ මාර්ගයට ගෙනවිත් දමා ඔහුගේ මරණය සිදුකළ අඹුසැමි යුවළත් මුල්ලේරියාව පොලිසිය මගින් අද (9) අත්අඩංගුවට ගනු ලැබ ඇත. 09 August 2023
ඉවත් කළ ඖෂධ තොගයක් හොද ඖෂධ සමඟ තියලා භාවිතයෙන් ඉවත්කළ ඖෂධ ඒකක 294,813 කට අධික ප්‍රමාණයක් තොග විනාශ කරන තෙක් වසර 04 කට අධික කාලයක් තිස්සේ උතුරු මැද පළාත්සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඖෂධ සැපයුම් අංශයේ ඖෂධ ගබඩාවේ සහ පොළොන්නරැව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ ගබඩාවල භාවිතයට ගතහැකි සාමන්‍ය ඖෂධ තොග සමග අනාරක්ෂිතව ගබඩා තිබු බව විගණකාධිපතිවරයා විසින් 2021 වසරේ සිය අවසන් විගණන වාර්තාවෙන් ආනාවරණය කොට තිබුණි. 09 August 2023
විල්වත්ත අනතුරෙන් කෝටි ගණනක පාඩුවක් ප්‍රධාන දුම්රිය මාර්ගයේ විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේදී අද පෙරවරුවේ දුම්රියක කන්ටේනරයක් ගැටීමෙන් සිදුවූ අනතුරේදී එම දුම්රිය එංජිමට දැඩි හානි සිදුවී ඇති බවත් එම හානිය කෝටි ගණනක් වන බවත් දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා පැවසීය. 09 August 2023
වකුගඩු රෝග අනතුරක් ගැන මැතිසබයේ හෙළිදරව්වක් උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන්ට ජලය දුන් ජල පෙරණ යන්ත්‍ර නඩත්තු කළ නාවික හමුදා සෙබළුන් ඒවායෙන් ඉවත් කරගෙන යෑම හේතුවෙන් එම යන්ත්‍ර අඩපණවී ගෙන යන හෙයින් වහාම ඒ විනාශය වැළැක්වීමට මැදිහත්වී කටයුතු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) පැවසීය. 09 August 2023
පාචනය - අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් දිවයිනට බලපා ඇති නියං තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර අපිරිසිදු වීම හේතුවෙන් ඉදිරි කාලයේදී පාචනය හා අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය. 09 August 2023
දුම්රිය ධාවනය ටිකක් හරි යයි විල්වත්තේ දුම්රිය අනතුර හේතුවෙන් වසා දැමුණු දුම්රිය මාර්ගය පැය හතරකට පසු එක් මාර්ගයක පමණක් දුම්රිය ධාවනයට යළි විවෘත කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 09 August 2023
‘සිනොපෙක්’ සමාගමට ඉන්ධන පිරවුම්හල් දීමේ ගැටලුවක් මෙරටට ඉන්ධන ආනයන කර අළෙවි කිරීමේ අවසර ලැබූ ‘සිනොපෙක්’ සමාගමට ඉන්ධන පිරවුම්හල් පැවරීම ගැටලුකාරී තත්වයකට පත්ව ඇති බවත් ඒ සඳහා ගිවිසුම් අස්සන් කිරීම මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවත් ඉන්ධන බෙදුම්කරුවෝ පවසති. 09 August 2023
බොරලැස්ගමුවේ ඝාතනයක් බොරලැස්ගමුව වේරහැර බෝධිරාජපුර දි ත්‍රී රෝද රථ රියදුරෙක් තවත් පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි බොරලැස්ගමුව පොලිසිය කියයි 09 August 2023
කෙහෙලියගේ විශ්වාසභංගයට ජනපති දින තුනක් දෙයි කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා හෙට අනිද්දා සහ සෙනසුරාදා වෙන් කරන්නට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 August 2023
උතුරේ ඉඩම් වලින් 92%ක් නිදහස් කරයි ආරක්ෂක අංශ සහ පොලිසිය 2009 වසරේ අත්පත් කරගෙන සිටි උතුරේ ඉඩම් වලින් සියයට 90 ත් 92 ත් අතර ප්‍රමාණයක් ක්‍රමයෙන් නිදහස් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය . 09 August 2023
පළාත් පනත සංශෝධනයට පළාත් සභා පනත සංශෝධනය කර පාර්ලිමේන්තු එකඟතාවක් ඇතිව නව නීති හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 09 August 2023
‘විපක්ෂයේ කාරිය ආණ්ඩුවේ සියල්ලට විරුද්ධ වීම නොවේ’ විපක්ෂයේ කාර්යභාරය ආණ්ඩුවේ සියලු දෙයට විපක්ෂ වීම යැයි අදහස නතර කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 August 2023
ජනපති පාර්ලිමේන්තුවට එයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. 09 August 2023
පස්යාල-ගිරිඋල්ල පාර පැය තුනකට පසු විවෘත වෙයි විල්වත්ත දුම්රිය මාර්ගයේ සිදු වූ රිය අනතුර හේතුවෙන් ගමනාගමනය ඇනහිට පැවති පස්යාල ගිරිඋල්ල මාර්ගයේ වාහන ගමනාගමනය පැය තුනකට පමණ පසු යථාවත් කිරීමට පියවර ගැනිණි. 09 August 2023
වැස්ස තවත් අඩු වේ ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 August 2023
විල්වත්තේ දුම්රිය හරස් මාර්ගයේ අනතුරක්:දුම්රිය ධාවනයට බාධා විල්වත්ත දුම්රිය හරස් මර්ගයේ දී කන්ටේනරයක් දුම්රියක ගැටී ඇතැයි පොලිසිය කියයි. 09 August 2023
කෙහෙළියගේ විශ්වාසභංගෙට සජබ පස්ස ගහයි සමගි ජන බලවේගය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අන්ද්දා (10) බ්‍රහස්පතින්දා විවාදයට ගත හැකි බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ආණ්ඩු පක්ෂය අද (8) දන්වා ඇතත් යෝජනාව ඉදිරිපත් කළ සමගි ජන බලවේගය ඊට එකඟවී නැතැයි වාර්තා වේ. 09 August 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026