IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විකුණනවාට බයේ හැංගුණු දැරිය කටුනායකින් හමුවෙලා

(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

මාස කිහිපයකට ඉහතදී ඉතාලි ජාතිකයෙකුගේ අනූ දැනුම මත තම බාල වයස්කාර දියණිය  පැහැරගෙන ගොස්ඇති බවට මවක කළ පැමිණිල්ලක් විභාග කිරීමේ දී ඇය පැහැර ගැනීමකට ලක්ව නැති බවත් මව දියණිය විවිධ පුද්ගලයින්ට විකිණීම නිසා  බේරී සිටීම සඳහා කටුනායක ප්‍රදේශයේ නිවසක කල් ගත කර ඇති බවත් හෙළි වී ඇතැයි බඩල්ගම පොලිසිය  කියයි.

මවගේ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ දී හෙලි වූ තොරතුරු මත මෙම දැරිය කටුනායක කුලී නිවසක සිටියදි සොයා ගැනීමෙන් පසු මේ බව අනාවරණය වී ඇත.

මාතර ප්‍රදේශයේ පදිංචිකාරියක බව කියන මෙම කාන්තාව විදේශ ගතව සිට පැමිණීමෙන් පසු  වසර ගණනාවක සිට බඩල්ගම ප්‍රදේශයේ පුද්ගලයකු හා කල්ගත කර ඇතැයි ද   විදෙස් භාෂා චතුර ලෙස කතා කිරීමේ හැකියාව ඇති ඇය නිතරම විදේශිකයින් ඇසුරු කිරීමට පෙළඹී ඇතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත .

එසේ සිටින අතර ඇය සිය දියණිය ද විවිධ පුද්ගලයින්ට විකිණීමේ යෙදී ඇතැයි ද එසේ දියණියගේ පහස ලබාගත් පුද්ගලයින් දියණිය  දූෂණය කළ බවට පොලීසිවලට පැමිණිලි කර ඇති බව ද අනාවරණය වී ඇතැයිි පොලිසිය සඳහන් කරයි.   

මෙසේ සිටියදී මාස කිහිපයකට ඉහතදී දියණිය අතුරුදන් වී ඇති අතර මව බඩල්ගම  පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඉතාලි ජාතිකයෙකුගේ අනු දැනුම මත ඇය පැහැරගැනීමට ලක්වී ඇති බවයි.

තමන්ගේ පැමිණිල්ල පිළිබඳ නිසි පරීක්ෂණයක් නොකරන බවට මෙම කාන්තාව පොලිස් මූලස්ථානය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත නිතර පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර ළමා හා කාන්තා කාර්යාංශය හෝ  මේ සම්බන්ධයෙන් සොයා නොබලන බවට මාධ්‍ය ඔස්සේ ද දිගින් දිගටම චෝදනා කළ බවද පොලිසිය සඳහන් කරයි.

දැරිය රැකියාවක යෙදෙමින් කල් ගතකර ඇතැයි ද ඇය ස්වාධීනව සිටීමට කැමැත්තෙන් සිටින අතර  මව සමග යාමට අකමැත්ත පල කිරීම නිසා සුදුසු බාරකරුවකු  යටතට පත් කිරීම සදහා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලද බව පොලිසිය කියයි .

 



අදහස් (0)

විකුණනවාට බයේ හැංගුණු දැරිය කටුනායකින් හමුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site