වැලිකඩ බන්ධනාගාර ඉඩමට බිලියන 32ක තක්සේරුවක් වැලිකඩ බන්ධනාගාරය පවතින ඉඩම ආයෝජකයකුට දීම සඳහා රුපියල් බිලියන 32ක තක්සේරුවක් කර තිබෙන බව අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 11 August 2023
බලශක්ති ක්ෂේත්රය නියාමනයට නව ස්වාධීන ආයතනයක් මෙරට බලශක්ති ක්ෂේත්රය නියාමන කිරීමට නව ස්වාධීන නියාමන ආයතනයක් ලබන වසරේදී ස්ථාපනය කරන බවත් එමගින් සමස්ත බලශක්ති ක්ෂේත්රයම ආවරණය වන නියාමන ක්‍රියාවලියක් බලාපොරොත්තු වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 11 August 2023
කලුතර හෙද වර්ජනය අත්හිටුවයි කළුතර දිස්ත්‍රික්කයේ රෝහල්වල හෙද කාර්යමණ්ඩලය අද (11) පෙරවරු 7 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව සිටි එක් දින වැඩ වර්ජනය අත්හිටවූ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි. 11 August 2023
රට බිත්තරයට සහතික ඉල්ලයි අරක්කු බෝතලේ ස්ටිකරයත් හොරට ගහන රටේ රටින් ගෙන එන බිත්තර වල ප්‍රමිතිය ගැන ආණ්ඩුව සහතිකයක් දෙන්නේ කොහොමදැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී විමසීය. 11 August 2023
'ලංකාවේ විපක්ෂ නායක ගිනස් වාර්තාවක් තිව්වා' ආණ්ඩු බලය දෙන්න ජනාධිපතිවරයෙක් වෙනත් අයෙකුට ආරාධනා කළේ ලෝකයේ පළමු වතාවට බවත් විපක්ෂ නායකයාවරයා එය ප්‍රතික්ෂේප කිරීම ගිනස් වාර්තාවක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 11 August 2023
කොටින්ගේ රන් හොයන්න ගිහින් මාට්ටු තිස් වසරක යුද්ධය පැවති සමයේ කොටි සංවිධානය විසින් සඟවා ඇතැ යි කියන රන්,මුදල් හා අවි ආයුධ සෙවීම සදහා අති නවීන පන්නයේ ස්කෑන් යන්ත්‍රයක් රැගෙන යමින් සිටි සිව් දෙනෙකු කතකපුරම් මහවිරු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි . 11 August 2023
බදුල්ල රෝහලේ විදුලිය කපලා බදුල්ල මහ රෝහලේ පරිශ්‍ර ගණනාවක විදුලිය කපා දමා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 11 August 2023
සිසුවා බසයට බිලි කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වල්පිට ප්‍රදේශයේදී පාපැදි තරගයක් සඳහා පුහුණු වෙමින් සිටි පාසැල් සිසුවෙකු බස් රථයක හැපී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 11 August 2023
රහස් පොලිසියේ පී.සි. අයිස් සමග මාට්ටු අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියේ යැයි කියන රහස් පොලිසියේ රාජකාරි කරන කොස්තාපල්වරයකු ආදුරුප්පුවීදිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 11 August 2023
බීලා සූර්වී හමුදා රථයට පොල්ලෙන් ගහලා ආනවිලුන්දා කුලම ප්‍රදේශයේ දී යුද හමුදා කැබ් රථයකට පොල්ලකින් පහර දුන්නේ යැයි කියන තරුණයෝ තිදෙනෙක්ති අක්කරායන්කුලම් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 11 August 2023
වැස්ස ගැන අනාවැකිය නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිවු සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 August 2023
මාතර තරුණයාට ප්‍රංශ සිහිනය බොඳ වේ උගන්ඩා ජාතික කාන්තාවක රුපියල් ලක්ෂ 35 ක් ලබා ගෙන , කූඨ ලෙස සකස් කළ ප්‍රංශ වීසා බලපත්‍රයකින් ඩුබායි හරහා ප්‍රංශය බලා පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 11 August 2023
රුසියන් යානය අද සඳ බලා යයි රුසියාව, වසර 47 කට පසු, සඳට රොබෝ ගවේෂණ යානයක් යැවීය. සඳුගේ දක්ෂිණාර්ධ ගෝලයට පතිත කිරීමට නියමිත මෙම යානයේ අරමුණ, සඳ මතුපිට පස්වල ඇති ජල අංශු පරීක්ෂා කිරීමය. 11 August 2023
චීන යුද නෞකාවක් නිල සංචාරයක මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘හයි යංග් 24 හාඕ’ නැමැති යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට අද (10) සේන්දු විය. 10 August 2023
වෙඩිමට යන්න පාසල කලින් වහලා වැලිඔය පාසලක විදුහල්පතිනියගේ පුතාගේ විවාහ මංගල්‍යය උත්සවයට සහභාගිවීම සදහා පාසල කලින් නිමා කර දරුවන් නිවෙස්වලට එවූ බව මවුපියෝ පවසති. 10 August 2023
ආයතන රැසක මූල්‍ය වාර්තා ලැබී නැහැ 2022 වර්ෂය අවසානය තෙක් මූල්‍ය වාර්තා නිකුත් කර තිබුණේ මුදල් අමාත්‍යංශය හඳුනාගෙන ඇති ප්‍රධාන රාජ්‍ය සංස්ථා 52 න් 11 පමණක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. 10 August 2023
වැඩ නොකළැයි ගුරුතුමිය දෙකේ සිසුවාට කොහු මිටෙන් නෙළලා පන්තියේදී පැවරූ වැඩ නිවසේදී නොකළැයි කියමින් නාත්තන්ඩිය, කොස්වත්ත විදුහලක දෙවෙනි වසරේ සිසුවකුට පන්ති බාර ගුරුතුමිය අමානුෂික ලෙස පහරදුන් බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කොස්වත්ත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියයි. 10 August 2023
මෝදි ප්රමුඛ රජයට එරෙහි විශ්වාසභංගය පරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ රජයට එරෙහිව විපක්ෂ සන්ධානය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට භාරතීය ජනතා පක්ෂය අද (10) සමත් විය. 10 August 2023
විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුහු 22 ක් අත්අඩංගුවට අධිකරණ නියෝග නොතකා විරෝධතාවේ නිරත අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් 22 දෙදෙනකු අද (10) පස්වරුවේ අත්ඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 10 August 2023
නියඟයේ වැඩිම වගා හානිය කුරුණෑගලට නියඟය නිසා මෙවර යල කන්නයේ වැඩිම වගා හානිවීම් වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලබාදුන් වාර්තාවේ සඳහන් වේ. 10 August 2023
ඇෆ්ගනිස්තාන් - පාකිස්තාන් එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවේදී ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලයට තීරණ්ය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය. 10 August 2023
වාහන නිදහස් කර දෙනවැයි ලක්ෂ 50 ක් වංචා කළ නිරූපී ශිල්පියා දැලේ බදු නොගෙවීම හේතුවෙන් හම්බන්තොට වරායේ ගාල්කර තිබෙන මෝටර් රථ නිදහස් කර දෙන බව පවසා පුද්ගලයන් තිදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වංචා කළ සුප්‍රසිද්ධ රූපලාවන්‍ය සහ නිරූපණ ශිල්පියෙක් කොළඹ වංචා විමර්ශන කාර්යංශය අද (10) අත්අඩංගුවට ගත්තේය. 10 August 2023
බෙහෙත් ඇලජික්වී දෙදෙනකු මියයාම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ දරුණු අසාත්මිකතා ඇතිවී ඉකුත් දිනවල රෝගීන් දෙදෙනකු මියයාම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ යැයි ඒ පිළිබදව සොයාබැලීමට පත්කළ කමිටුවේ නිගමනය වූ බව කමිටු සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යාව පිළිබදව මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 10 August 2023
විදුලිබල මණ්ඩලයේ 2023-2030 සම්ප්‍රේෂණ සැළැස්ම ඇමතිට දෙයි ලංකා විදුලිබල මණ්ඩලයේ 2023 - 2030 විදුලිබල සම්ප්‍රේෂණ මාර්ග සංවර්ධන සැලසුම අද (10) භාරදුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 10 August 2023
වෙළඳසැලේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි වෙළඳ සැලක සම්බන්ධ ආරවුලක් දුරදිග යාමෙන් ව්‍යාපාරිකයෙකුට ක්‍රිකට් පිත්තකින් පහරදී. පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නානුඔය පොලිසිය පවසයි. 10 August 2023
මෝටර් රථ වංචාවක් එළියට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි වාහන අංක හිමියන්ගේ නියම නම් දත්ත පද්ධතියෙන් වංචනික ලෙස ඉවත් කර ඒ වෙනුවෙනට වෙනත් පුද්ගලයන්ගේ නම් ඇතුළත් කරමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් උපැයු එහි ලේඛනාගාරයේ සේවකයකු අද (10) නාහාහේන්පිට දී පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 10 August 2023
රාජකීයට විදුහල්පති පත් කිරීම අවුලක් ලු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියෙන් තොරව කොළඹ රාජකීය විද්‍යාලයට නව විදුහල්පතිවරයකු පත් කර ඇතැයි ගුරු විදුහල්පති වෘත්තීය ඇමැති සන්ධානය චෝදනා කරයි. 10 August 2023
හොර විදෙස් රැකියා ඒජන්සියක් වටලයි දකුණු කොරියාවේ පෑස්සුම් ශිල්පීන් ලෙස රැකියා සදහා බදවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සිටි කොලොන්නාව ප්‍රදේශයේ බලපත්‍ර රහිත රැකියා නියෝජිත ආයතනයක් වටලා එහි නියෝජිතයන් දෙදෙනෙකු අද (10) දින අත් අඩංගුවට ගත් බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන ඒකකය පවසයි. 10 August 2023
අන්තරරේ පා ගමනට තැන් දෙකකදී ජල ප්‍රහාර අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට හැව්ලොක් සිටි හිදි සහ පුරහල අසලදි මීට සුළු වේලාවකට පෙර පොලිසිය ජල ප්‍රහාර එල්ල කළේය. 10 August 2023
ආයුර්වේද පනතේ වගන්ති 15ක් ව්‍යවස්ථාවට පටහැනියි ආයුර්වේද (සංශෝධන)” නමැති පනත් කෙටුම්පතේ වගන්ති 15 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායක වරයාට දැනුම්දී ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය. 10 August 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026