(සුරංග රාජනායක)
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ අංක 5 පොඩිමැණිකේ දුම්රියේ ගමන්ගත් සංචාරකයන් දෙදෙනකුට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවලපිටිය දුම්රිය ස්ථානයේ තිදෙනකුගේ වැඩ තහනම් කළ බව දුම්රිය දෙපර්තමේන්තුව නිලධාරියෙක් පැවැසීය
නාවලපිටිය දුම්රිය සේවකයන් පිරිසක් අද පෙරවරුවේ දී එම දුම්රිය ස්ථානයේදී පහර දුන්නයි නැගෙන චෝදනාවක් සම්බන්ධයෙන් මෙසේ වැඩ තහනම් කර ඇත.
එංගලන්තයේ සිට පැමිණ ඇතැයි පැවසෙන සංචාරකයන් කණ්ඩායමක ආරෝල් හා හැරිසන් යන දෙදෙනා හට මෙම පහර දීම සිදුවී ඇතැයි කියති.
කොළඹින් උදෑසන 5. 50 ට ගමන් ආරම්භ කරන පොඩි මැණිකේ දුම්රියට පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් සංචාරකයන් තිදෙනකු ගොඩ වී ඇත.
මොවුන් ඇල්ල දක්වා ගමන් කිරීම සඳහා මෙසේ දුම්රියට නැග තිබුණද ප්‍රවේශපත්‍ර රැගෙන තිබී ඇත්තේ එක් සංචාරකයකු පමණක් බව නාවලපිටිය දුම්රිය බලධාරීහු පවසති.
මොවුන් පළමු පන්තියේ ගමන් කිරීමේදී සිදු කළ ටිකට් පත් පරික්ෂාවේදී ප්‍රවේශපත්‍ර නොමැති බව දැක ඔවුන්ට දුම්රියෙන් බැසීමට පවසා තිබේ.
නමුත් එය ප්‍රතික්ෂේප කිරීම නිසා දුම්රිය නියාමක විසින් ඒ බව නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත දන්වා තිබේ.
එහි සිටි සියලු සේවකයන් පැමිණ මෙම සංචාරකයන්ට පහරදී දුම්රියෙන් එළියට ඇද දමන අයුරු කිසිවකු රූගත කර තිබේ.
මේ පිළිබඳව නාවලපිටිය පොලිසිය වෙතද දන්වා ඇති අතර ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විසින් සංචාරකයන්ගේ ආරක්ෂාව සපයා ඊළඟ අංක 8 බදුල්ල දුම්රියෙන් ඔවුන් පිටත් කර තිබේ.
මෙම සිද්ධිය සමග පොඩි මැණිකේ දුම්රිය විනාඩි පනහක් පමාවී ඇති අතර එය යළි පෙරවරු දහයි පනහට පිටත්වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාට ගිහින් ඇහුණා ලංකාවේ අයට මොවුන් කොහොම සලකනවා ඇද්ද?
කාලකණ්ණින්ව හිරේ යවන්න ඕනේ ජීවිතයටම... මූසල හැත්ත
ඉතාම කැත සිදුවීමක්... ඔයිට වඩා වැදගත් විදිහට වැඩකළ යුතුව තිබුණා. මුළු ලංකාවටම විශාල කැළලක්.
මොකක්ද මෙතන වැරැද්ද? ටිකට් නැතිනම් යන්න බෑ. බහින්න කිව්වා බැස්සේ නෑ. ගැහුවා එළියට දැම්මා... අහන්න බැරිනම් දැනෙන්න ඕනෙ සංචාරකයන්ට ඕන දෙයක් කරන්න අවසර දෙන්නේ කවුද?
මොන සුද්දා වුණත් වැරැදි නම් වැරදි... මොවුන් දන්නේ නැද්ද නිකන් යන්න බෑ කියලා...!
ටිකට් නැතිව හොරාට යන සුද්දන්ව කිව්වාම අයින් වෙන්නැති, නැත්නම් නලවන්නද ඕනෑ..?
ඉතාම පහත් සිදුවීමක්! රටේ ගෞරවය ආරක්ෂා කරන්න. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කළ යුතුම කාලයක, විදේශීකයින්ට අපේ රටේ වනචාරී ගති පෙන්නන්න එපා...!
පහර දීම අන්තිම කැතයි. තරයේ හෙළා දකිනවා...
මේ විමර්ශනය ඉතා පහසුයි. අදාළ සීසීටීවී දර්ශන නරඹා අදාළ සේවකයන්ගේ සේවය අවසන් කරන්න. වැඩ තහනම් අනවශ්‍යයි...
ඕවා නින්දිත වැඩ. කරුණු පැහැදිලි කරලා දෙන්න ඕනෑ පළමුව.., ඒකටත් භාෂාව දැනුනේ නැහැනේ. ඕක තමයි දන්න භාෂාව.