(කේ  බුද්ධික කුමාරසිරි)


හයිලෙවල් මාර්ගයේ කොස්ගම නගරයේ දී අද (06) දින උදෑසන ටිපර් වර්ගයේ ලොරි රථයක් වාහන පහක ගැටීමෙන් එක් රථයක් වෙළදසැලක් තුලට විසි වී යාම නිසා එම වෙළදසැලට දැඩි ලෙස හානි වී ඇතැයි කොස්ගම පොලිසිය පවසයි

අනතුර සිදුකල ලොරි රථය හයිලෙවල් මාර්ගයේ හෝමාගම දෙස සිට පැමිණ එක්වරම ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වී මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක සහ අදාල වෙළදසැල ඉදිරිපිට නවතා තිබූ ත්‍රීරෝද රථ තුනක් සහ යතුරු පැදියක ගැටී වෙළදසැලෙහි ගැටී නතර වී ඇතැයි ද පොලිසිය පවසයි

අනතුරින් කිසිවෙකුට තුවාල සිදුව නොමැත.