(යොහාන් භාසුර)

ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය හේතුවෙන් අත්හිටුවූ බස්නාහාර පළාතේ රජයේ පාසල්වල 10 සහ 11 ශ්‍රේණිවල වාර විභාගය අද (6) නැවත ආරම්භ කළ බව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවසීය.

චිත්‍ර විෂයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයෙන් නැවත විභාගය ආරම්භ කළ බවත් පිටවූ ප්‍රශ්න පත්‍රවලට නව ප්‍රශ්න පත්‍ර සකස් කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව කීය.