(රොෂාන් තුෂාර)
කැනඩාවේ රැකියා අපේක්ෂකයන්ට ජාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍රයක් ලබා දෙන බවට පවසා පඨමාලා හදාරන්නන්ගෙන් රුපියල් කෝටි පහකට අධික මුදලක් ලබාගෙන වංචා කළේ යැයි ඇප මත මුදාහැර සිටි බම්බලපිටිය පුද්ගලික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
වංචාවට ලක් වූ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් කළ පැමිණිලි විභාගයට ගත් අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
බම්බලපිටියේ "Evole college education"පුද්ගලික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ මොහොමඩ් අස්මාල් ඉස්මත් හසන් නැමැති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
කැනඩාවේ රැකියා අපේක්ෂාවෙන් පඨමාලාව හැදෑරූ හැට දෙනකුට අධික පිරිසක් බම්බලපිටිය පොලිසිය කළ පැමිණිලි ප්‍රකාරව පොලිසිය මගින් මෙම නඩු පවරා තිබිණි.
අදාළ පැමිණිලි ප්‍රකාරව සැකකරු මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට නියෝග කර තිබිණි .
නඩුව කැඳවූ අවස්ථාවේදී නව පැමිණිලි තිහකට ආසන්න ප්‍රමාණයක් බම්බලපිටිය පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd