(අංජුල මහික වීරරත්න)

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  භූමිකාව පුවත්පත්වල කාටුන් ශිල්පීන් දුටු ආකාරය එක් කර සම්පාදනය කළ      “Press Vs. Prez” කෘතිය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(7) සවස 4.00ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිදු කෙරේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා  මෙම කෘතිය සම්පාදනය කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා 2021 ජූනි 23 වැනිදා 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන් දා සිට  ජාතික නායකත්වයේ ගමන් මග පිළිබඳ 2023 මැයි මාසය දක්වා පුවත්පත්වල පළවු කාටූන් 600ක් පමණ එක් කර මෙම කෘතිය නිර්මාණය කර ඇත.

කාටූන් ශිල්පීන් 40 දෙනකු සහ ජනමාධ්‍යවේදීන් 20කට ආසන්න පිරිසක් විසින් මෙහි නිර්මාණ දායකත්වය ලබා දී තිබෙන අතර එම කාටුන් ශිල්පින් සහ රූපවාහිනිය ඔස්සේ ඒවා ඉදිරිපත් කළ රූපවාහිනී නිවේදකයින් ද මෙහිදී ඇගැයීමට නියමිතය.

කෘතිය එළිදැක්වීමේ අවස්ථාවේ විශේෂ ආරාධිත අමුත්තකු ලෙස ඉන්දීය කාටූන් ශිල්පී නාලා පොන්නප්පා මහතා සහභාගී වීමට නියමිත අතර ඔහු විසින්  විශේෂ දේශනයක් ද සිදු කරනු ඇත.

කෘතියේ විචාර දේශනය මහාචාර්ය රොහාන් නෙත්තසිංහ මහතා විසින් සිදු කරයි.

හිටපු ජනාධිපතිවරු,මැති ඇමතිවරු, විදෙස් තානාපතිවරු, මාධ්‍යවේදීහු  ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා ආරාධනා ලැබ සිටිති.