IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විදේශිකයන් දෙදෙනා පැයක් ‘පොඩි මැණිකේ’ ප්‍රමාද කරති

(යොහාන් භාසුර,සුරංග රාජනායක සහ රංජිත් රාජපක්ෂ)

‘පොඩි මැණිකේ’ දුම්රියේ අනවසරෙන් ගමන් කළ විදේශිකයන් දෙදෙනකු නිසා එම දුම්රිය පැයකට ආසන්න කාලයක් නාවලපිටිය දුම්රිය ස්ථානයේ නවතා තැබීමට සිදුව ඇති බවත් අදාල විදේශිකයන් දෙදෙනා පොලිසිය අත්අඩංගුවට ගත් බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (5) පැවසීය.

‘පොඩි මැණිකේ’ දුම්රිය පෙරවරු 10.30 ට පමණ නාවලපිටිය දුම්රිය ස්ථානයට ළගාවුවද අදාල විදේශිකයන් දෙදෙනා ඉවත්කිරීමෙන් පසුව පෙරවරු 11.17 ට පමණ පිටත්වූ බවත් එම නිලධාරියා සඳහන් කළේය.

මහනුවර දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩවූ විදේශිකයන් පිරිසකගෙන් දෙදෙනෙක් පමණක් ප්‍රවේශපත් නොමැතිව ඒඑෆ්සී මැදිරියට ඇතුළු වී තිබූ බවත් ඔවුන්ට ඉන් ඉවත්වන ලෙස දැනුම් දුන්න ද ඉවත්නොවීම නිසා පොලිසිය කැඳවූ බවත් එම නිලධාරියා කීය. 



අදහස් (2)

විදේශිකයන් දෙදෙනා පැයක් ‘පොඩි මැණිකේ’ ප්‍රමාද කරති

Lalla Tuesday, 05 March 2024 07:55 PM

ඒක අනිත් මගීන්ට දුන්නු මෝඩ දඬුවමක් පමණයි. දුම්රිය බලධාරීන්ට නොතේරීම ගැන කණගාටුයි. සේවයක් කඩාවැටීමට මෝඩ නිලධාරීන් හේතුවන බවට සාක්ෂියක්...

:       0       0

MD Tuesday, 05 March 2024 09:55 PM

රටට සංචාරකයින් ගලාගෙන ඵන වේලාවක්. බොහෝම අමාරුවෙන් විදේශීය සංචාරකයින් ගේන්න වේලාවක මීට වඩා වැදගත් විදියට නීතිය අතට නොගෙන ආරක්ෂක අංශවලට වගකීම පවරා විසඳාගන්න තිබුණු ප්‍රශ්නයක්... මෙවැනි වීඩියෝ ලෝකයට පෙන්නා තවත් දේශදෝහි ක්‍රියාවක් කරනවා. ඵයාලා අවස්ථාවාදියෝ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site