(යොහාන් භාසුර)
ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මිල සංශෝධනය නොකරන බවත් සෙසු ඉන්ධන වර්ග තුනේ මිල අද (4) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දමන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.
ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 9 කින්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
එම මිල පහළ දැමීත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 447 ක්, ලංකා සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 458 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 257 බවට පත්වූ බව ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 371 ක සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 363 ක තව දුරටත් පවතින බවත් එම සංස්ථාව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිල සුත්‍රයක් ක්‍රියාත්මක කරනවා නම් ඒක හරියට කරන්න ඕනේ, ඒක එහෙම වෙනවා නම් සියලුම ඉන්ධන වල මිල උච්ඡාවචනය වෙනවා. ඩොලර් එක සහ ලෝක වෙළඳපලේ තෙල් මිල අඩුවෙලා තිබෙන මේ අවස්ථාවේ එම සහනය කිසිම ප්‍රශ්නයක් නැතුව ජනතාවට දෙන්න පුළුවන් මොකක්ද මේ නටන නාඩගම?
ඕවා නිකන් දුන්නත් අපි නම් ඡන්දෙ දෙන්නේ නෑ රනිලෝ...!
රනිල් මහත්තයෝ ඔයා සුපර් ඩීසලුයි පෙට්‍රලුයි ගහන අයගෙන්ම ඡන්දෙත් ගන්ට ඈ....!
ජනාධිපතිවරනයේදී රට පුරා v8 වලින් රට පුරා සවාරි ගහන්න දැන්ම තියලා ලැහැස්ති වෙනවා
මේවට මොනවද කියන්නෙ.අර ප්‍රභාකරන් කියපු කතාව මතක් වුනා.
යකාගේ අඩු කිරිල්ලක් .භූමි තෙල් මිල අඩුකරහල්ලකෝ වැඩියෙන්.ලයිට් කපපු අහිංසක මිනිස්සුන්ගේ ගෙවල් වලට ලාම්පුතෙල් කුප්පියක්වත් පත්තු කරන්න .කාලකන්නි මුන් ඔක්කොම ගෙදර යවන්න ඕන
මාලිමාවෙ රැස්වීම් වලට තව ටිකක් සෙනග ආවනම තවත් බඩු ගනන් අඩුවෙනව. මාලිමාවට ජයවේවා
ඡන්දයක් තියන ලකුණු.