නියං රකුසා පළාත් හතරකට බැට දෙයි දැඩි නියඟය හේතුවෙන් උතුර,නැගෙනහිර,වයඹ සහ සබරගමුව පළාත්වල පවුල් විසි හත් දහස් නවසිය හැත්තෑ හතක් (27977) දැඩි බලපෑමට ලක්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 06 August 2023
සුළං විදුලි බලාගාරයක් මන්නාරමේදී විවෘත කරයි වින්ඩ්ෆොස් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන හිරුරැස් පවර් සමාගම මන්නාරම ප්‍රදේශයේ ඉදි කළ මෙගාවොට් 15 ක සුළං බලාගාරය විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (6) විවෘත කළේය. 06 August 2023
සුගත් තිලකරත්න මාලිමාවේ වේදිකාවට ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම මලල ක්‍රීඩකයකු වන හිටපු කෙටි දුර ධාවන ශූර සුගත් තිලකරත්න මහතා ජාතික ජනබලවේගයේ ජාඇල ආසන බලමණ්ඩල රැළියේදී අද (6) පළමු වරට දේශපාලන වේදිකාවට අවතීර්ණ විය. 06 August 2023
ඉරාන - ශ්‍රී ලංකා සහයෝගීතා අලුත් කරන්න යයි කලාපීය මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාව සහ ඉරානය අතර සහයෝගීත්වය ඇති කරගැනීම සඳහා තමන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ සාකච්ඡා කළ බව ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අමීර් අබ්දුල්ලාහියන් මහතා ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 06 August 2023
දුප්පතාගේ හිතවතා විය යුත්තේ පොහොසතුන් දුප්පතාගේ හිතවතා විය යුත්තේ දුප්පතා නොව උගතුන් පොහොසතුන් යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 06 August 2023
හොඳ හාල් කුකුල් කෑමවලට දාලා පරිභෝජනයට සුදුසු සහල් සත්ව ආහාර සදහා යොදා ගනිමින් තිබු ආණමඩුව ආඬිගම කම්මන්දළුව ප්‍රදේශයේ සත්ව ආහාර නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවකට මුද්‍රා තබා අදාල නීතිමය කටයුතු කිරීමට පාරිභෝගීක අධිකාරියේ විශේෂ විමර්ශන හා වැටලීම් ඒකකය කියයි. 06 August 2023
වගාවට ඇති වතුර අධිවේගයේ ගස්වලට දාලා කිරම ඔය ව්‍යාපාරය යටතේ වගා කර ඇති කුඹුරුවල පීදෙන ගොයමට ලබාදීමට තිබෙන ජලය අධිවේගි මාර්ගයේ ගස් කොලන් තෙමීමට දිනකට වතුර බවුසර් 25 පමණ පුද්ගලික ආයතනයක් ලබාගන්නා බව හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජන සේවා බලමන්ඩලයේ ලේකම් ශ්‍රී විමල මල්දෙණිය මහතා හම්බන්තොට දිස්ත්‍රික් කෘෂි කර්ම කමිටු රැස්වීමේ දී කීය. 06 August 2023
සංඝමිත්තා බෝධියේ ගැසට්ටුවට එරෙහි වෙති වඩු කෝට්ටේ , මුරුන්කන් කෝවිල අසල පිහිටා ඇති සංඝමිත්තා බෝගස වසර 2000 කාලයක් ඉපැරණි බෝ ගසක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගැසට් කිරීමට විරෝධය පළ කරමින් වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ දී පාගමනක් සහ මනිප්පායි වංකාණි බස් නැවතුම් පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත් වූහ. 06 August 2023
පාර්ලිමේන්තු පාරේ මාර්ග බාධක හොරා ගෙන අරගලය පැවති සමයේ පාර්ලිමේන්තු මාර්ගයේ පොල්දූව හන්දියේ ආරක්ෂක රාජකාරි සඳහා යොදාගත් මාර්ග බාධක තොගයක් වරින් වරින්වර සොරාගෙන ගොස් ඇති බව යුද හමුදා ඉංජිනේරු බළකායේ කපිතාන්වරයකු පැමිණිල්ලක් කළ බව වැලිකඩ පොලීසිය පවසයි. 06 August 2023
වේයන්ගොඩ පාසලක සිසුන් 27ක් රට හැර ගිහින් වේයන්ගොඩ ශාන්ත මරියා ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබූ සිසු දරු දැරියන් විසි 27 මාස තුනක් වැනි කෙටිකාලයකදී විදේශ රටවල අධ්‍යාපනය සඳහා පාසලෙන් අස්වී ගොස් ඇතැයි ද ඒ තත්ත්වය රටක් වශයෙන් අහිතකර තත්ත්වයක් යැයි විදුහල්පති බී.ඩී.අයි.කේ. කරුණාරත්න මහතා පවසයි. 06 August 2023
නාට්‍ය කරන්න ගිය සිසුවාට පහරදීලා නාට්‍ය පුහුණුවීම් සඳහා ගිය 17 හැවිරිදි පාසල් සිසුවකුට සිසුන් පිරිසක් පහරදී ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි. 06 August 2023
පාකිස්තානයේ මගි දුම්රියක් පීලි පනී දකුණු දිග පාකිස්තානයේ දුම්රියක් පීලි පැනීමකින් මගීහු 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මගීන් 50 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ. 06 August 2023
හොරට වැඩ කළ වෙදා ගැන සොයයි ශ්‍රී ලංකා සභාව මගින් වැඩ තහනම් කර තිබියදී නීති විරෝධී ලෙස රාජකාරි කළ බව කියන කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට විනය පියවර ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දැන්වා ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. 06 August 2023
සිසුවාගේ බෙල්ල කපා බෑගය උදුරාගෙන යයි උපකාරක පන්තියකට දුම්රිය මාර්ගය දිගේ ගමන් කරමින් සිටි පාසල් සිසුවකුගේ ගෙල කපා තුවාල කළ නාඳුනන පුද්ගලයකු ඔහුගේ අතේ තිබූ බෑගය උදුරාගෙන පළා ගොස් ඇතැයි මීරිගම පොලිසිය කියයි 06 August 2023
මිහින්තලේ ලයිට් නාට්‍යයට රාජ්‍ය සම්මාන දෙන්න වටිනවා මිහින්තලේ විදුලි බිල නාටක පිටපත තව ටිකක් හොඳට බුද්ධිමත්ව සිතා ලිව්වා නම් රාජ්‍ය නාට්‍ය උළෙලේ දී සම්මාන පවා ලබන්නට තිබූ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 06 August 2023
දකුණේ විදුලිය ගැන ජනපති කාර්යාලයට රහස්‍ය වාර්තාවක් දකුණු පළාතටම ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණය යාන්ත්‍රණයෙන් විදුලිය දීමට නොහැකි වීමේ අර්බුදය පිටුපස ලෝක බැංකුව සමඟ සබඳතා පවත්වන කාන්තාවක සිටින බව ජනාධිපති කාර්යාලයට බාර දුන් රහස්‍ය වාර්තාවක සඳහන් වී තිබේ. 06 August 2023
තලෙයිමන්නාරම - රාමේෂ්වරන් දක්වා මගී යාත්‍රා සේවයක් යුද සමයේ අවදානය යොමු නොවීමෙන් දිරාපත් වූ තලෙයිමන්නාරම ජැටිය රුපියල් කෝටි 180 ක් වැය කර යළි ප්‍රතිසංස්කරණය කර ඉන්දියවේ රාමේෂ්වරන් සිට මගී යාත්‍රා සේවයක් ආරම්භ කිරීමට වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය තීරණය කර තිබේ. 06 August 2023
හොර පාඨමාලා පැවැත්වූ ආයතන 81 ක් තහනම් මුදල් වාසිය පමණක් සලකා ගුණාත්මක නොවන පාඨමාලා පවත්වාගෙන ගිය ආයතන 811ක් අත්හිටුවා ඇති බව පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේ තෘතීක කාර්මික අධ්‍යාපන ආයතනවලට අදාළ අනුකමිටුව පවසයි. 06 August 2023
වංචාව ගැන හොයද්දී හතරක් රැකියාව හැර යති ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අළෙවි අංශයේ ඉහළ තනතුරු දරණ නිලධාරීන් සිවුදෙනෙක් පසුගිය සිකුරාදා වන විට ඉල්ලා අස්වීමේ ලිපි භාරදී තිබූ බව එම සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 06 August 2023
පොත් බෑගයේ අධික බරට විසඳුමක් රජයේ පාසලවල අධ්‍යන වාරයක් සඳහා එක වැඩ පොතක් වාර තුනට වැඩ පොත කොටස් තුනකින් සිසුන්ට දීමට සැළසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 06 August 2023
කුඩා වැව් හදන්න මිලියන 3000ක් වෙන් කරයි කුඩා වැව් ප්‍රතිසංස්කරණය සඳහා රජය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 3000ක මුදලක් වෙන් කර තිබෙන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 06 August 2023
ව්‍යාජ රන් හදා බැංකුවලට උකස් කළ 4ක් මාට්ටු ව්‍යාජ රත්තරං නිෂ්පාදනය කර බැංකුවලට උකසට තබන කණ්ඩායමක සිව් දෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලීසය පවසයි. 06 August 2023
රන් බඩු උකස් කර සොරකම් කරලා යැයි පැමිණිලි දාලා ආරක්ෂාවට ගෙදර අල්මාරියේ දමා තිබු රන් භාණ්ඩ අල්ලපු ගෙදර කාන්තාවට දී උකස් කර , එවා සොරකම් කර ඇති බවට කළ පැමිණිල්ලක් සම්බන්දයෙන් කළුතර උතුර පොලිසියෙන් වාර්තාවේ. 06 August 2023
උණ සෑදී දින දෙකකින් දරුවා මරුට උණ රෝගී තත්වයකට ගොදුරු වීමෙන් තම එකම පුතා අද(06) අලුයම මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව , එම සිසුවාගේ පියා වන එම්.එන්.ඉස්තිකාර් මහතා පැවසීය . 06 August 2023
ජනපති රග්බි බලන්න යයි කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර 77 වන වාර්ෂික බ්‍රැඩ්බි පලිහ රග්බි තරගය නැරඹීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මහතාද සහභාගී විය. 06 August 2023
පළාත් පාලන ආයතන 341 ක මුදල් ගෙවීම ඔන්ලයින් මෙරට සියලු පළාත් පාලන ආයතන 341 කට ඔන්ලයින් මුදල් ගෙවීමේ ක්‍රමය මේ වසර අවසන් වීමට පෙර හඳුන්වා දෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. 06 August 2023
කාලතරණය කළ හැකි විස්මිත පණුවෙක් කාලතරණය කළ හැකි විස්මිත පණු විශේෂයක් සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ. වසර 46,000ක් වයසැති මේ පණු විශේෂය විද්‍යාඥයන් සොයා ගත්තේ සයිබීරියාවේ හිමෙන් වැසුණු වනාන්තර ප්‍රදේශයක කළ ගවේෂණයකදීය. 06 August 2023
බන්ධනාගාර නියාමක ඝාතන තැත වරදී ගාල්ල බන්ධනාගාරයේ රාජකාරිය කරන බන්ධනාගාර නියාමකවරයෙකු ගමන්ගත් බස් රථයකට වැලිගම නගරයේ දී කඩා වැදුණු පුද්ගලයින් කණ්ඩායමක් අතර සිටි එක් පුද්ගලයෙකු ටී-56 ගිනි අවියකින් බන්ධනාගාර නියාමක වරයාට වෙඩි තබා ඝාතනය කිරීමට කළ උත්සාහය බස් රියේ සිටි පිරිසගේ විරෝධය මැදිහත්වීම මත නූලෙන් වැළකී ගිය බව වැලිගම මූලස්ථාන 06 August 2023
ඉම්රාන් හිරේ දැම්මැයි විරෝධතා පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිරගත කිරීම සම්බන්ධයෙන් ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂ සාමාජිකයන්, කරච්චි, ලාහෝර් සහ ඉස්ලාමාබාද් අගනුවර විරෝධතා ආරම්භ කර තිබේ. 06 August 2023
ඉන්දීය චන්ද්‍ර යානය සඳේ කක්ෂයට පිවිසෙයි සඳ ගවේෂණයට ඉන්දියාව යැවූ ‘චන්ද්‍රයාන් 3’ රොබෝ ගවේෂණ යානය, සාර්ථකව සඳේ කක්ෂයට පිවිසියේය. 06 August 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026