IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තායිලන්තයෙන් ලැබුණ ඩොලර් දුප්පතුන්ට දෙයි

(අංජුල මහික වීරරත්න)

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි සහ තායිලන්ත ජාතික බෞද්ධ බැතිමතුන්  පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී හමුවී සමාජ සත්කාර වෙනුවෙන් ඇමරිකා ඩොලර් 50,000ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළහ.

මෙරට ඉතා අසරණ තත්ත්වයේ පසුවන ජනතාවට පිහිටවීම සඳහා ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත “කඳුලක් පිස දමමු” ව්‍යාපෘතියට එම පරිත්‍යාගය යොදවන ලෙස  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට උපදෙස් දුන්නේය.

මෙම තායිලන්ත බෞද්ධ කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ සද්කාර්යයන් වෙනුවෙන් මුදල් පරිත්‍යාග කළ තෙවන අවස්ථාව මෙය වන අතර 2010 සහ 2011 වසරවලදී කොළඹ ගංගාරාම විහාරස්ථානයට පරිත්‍යාග කරන ලද ඩොලර් 200,000ක මුදලින් රට පුරා බෞද්ධ විහාරස්ථාන 1,800ක සනීපාරක්ෂක පහසුකම් ලබා දීමට යොදාගත් බව ජනාධිපති කාර්යාලය පවසයි.



අදහස් (2)

තායිලන්තයෙන් ලැබුණ ඩොලර් දුප්පතුන්ට දෙයි

Kazi Shajahan Friday, 01 March 2024 05:04 PM

ඕවා දුප්පත් අයට දෙන්නේ නැහැනේ... දැන් ළඟ එන ඡන්දයට වියදම් කරන්නේ... අපේ හාමුදුරුවන් වත් දන්නේ නැද්ද මේ සල්ලිවලට වෙන දේ...?

:       0       0

sam Friday, 01 March 2024 07:31 PM

රට පුරා බෞද්ධ විහාරස්ථාන 1,800ක සනීපාරක්ෂක පහසුකම් ලබාදීමට යොදාගත් බව ජනාධිපති කාර්යාලය පවසයි. බොහෝදෙනෙකු කතා නොකරන නොදකින සත්කාරයක් සඳහා මුදල් යෙදවීම පිනක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site