(තිලිනි මධුෂානි)
ගෙවිගිය මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් දෙලක්ෂය ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කරන වාර්තාවේ දැක්වේ. එසේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 218,350 කි.
පෙබරවාරි මාසයේ 29 දින ගිය මසට සාපේක්ෂව පැමිණි සංචාරකයින් දසදහස ඉක්මවා ඇත.
මේ අනුව පසුගිය මාසයේ වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පෙබරවාරි 24 වන දින පැමිණ ඇති අතර 10,014 සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත.
ගිය වසරට අනුව මේ වසරේ සියයට පනහක පමණ සංචාරකයින්ගේ වර්ධනයක් පවතින බව එම අධිකාරිය නිකුත් කරන වාර්තාවේ දැක්වේ.
රුසියාවෙන් පැමිණි සංචාරකයින් 32,030ක්ද ඉන්දියාවෙන් 30,027ක්ද එක්සත් රාජධානියෙන් 20,614ක්ද මෙරටට පැමිණ ඇත.
මීට අමතරව ගෙවී ගිය මාස දෙකෙහි මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 426,603 කි.
එය සියයට 102ක වර්ධනයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරකයින් එන තරමට විදෙස් විනිමය ලැබිලාද? නැහැ නේද? එයාලා ඇවිත්ලංකාවේ බිස්නස් කරනවා. එයාලා ගෙවල් අරගෙන ඒ රටවලින් එන අය ඒ ගෙවල්වල නතර කරගන්නවා. යන්නේ බයිසිකල්වල දවසකට ඩොලර් 10 වත් වියදම් නොකරන අය ඉන්නේ. හොටේල් වලින් කන්නේ බොන්නේ නැහැ. දකුණේ අය හොඳට දන්නවා. එයාලා තම රටවල් වලින් ගේන සල්ලි නැවත තමන්ගේම රටට යනවා...!