(තිලිනි මධුෂානි)
ගෙවිගිය මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් දෙලක්ෂය ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කරන වාර්තාවේ දැක්වේ. එසේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 218,350 කි.
පෙබරවාරි මාසයේ 29 දින ගිය මසට සාපේක්ෂව පැමිණි සංචාරකයින් දසදහස ඉක්මවා ඇත.
මේ අනුව පසුගිය මාසයේ වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පෙබරවාරි 24 වන දින පැමිණ ඇති අතර 10,014 සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත.
ගිය වසරට අනුව මේ වසරේ සියයට පනහක පමණ සංචාරකයින්ගේ වර්ධනයක් පවතින බව එම අධිකාරිය නිකුත් කරන වාර්තාවේ දැක්වේ.
රුසියාවෙන් පැමිණි සංචාරකයින් 32,030ක්ද ඉන්දියාවෙන් 30,027ක්ද එක්සත් රාජධානියෙන් 20,614ක්ද මෙරටට පැමිණ ඇත.
මීට අමතරව ගෙවී ගිය මාස දෙකෙහි මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 426,603 කි.
එය සියයට 102ක වර්ධනයකි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංචාරකයින් පැමිණිමේ වර්ධනයක්
චන්දන Friday, 01 March 2024 07:16 PM
සංචාරකයින් එන තරමට විදෙස් විනිමය ලැබිලාද? නැහැ නේද? එයාලා ඇවිත්ලංකාවේ බිස්නස් කරනවා. එයාලා ගෙවල් අරගෙන ඒ රටවලින් එන අය ඒ ගෙවල්වල නතර කරගන්නවා. යන්නේ බයිසිකල්වල දවසකට ඩොලර් 10 වත් වියදම් නොකරන අය ඉන්නේ. හොටේල් වලින් කන්නේ බොන්නේ නැහැ. දකුණේ අය හොඳට දන්නවා. එයාලා තම රටවල් වලින් ගේන සල්ලි නැවත තමන්ගේම රටට යනවා...!