IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විමල්ට සිතාසි

(මනෝප්‍රිය ගුණසේකර)

වසර 10ක කාලයක් තුළ සිය නීත්‍යනුකූල අදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි වු රුපියල් මිලියන 75 කට අධික මුදල් හා වත්කම් උපයා ගත් බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුව යළි කැඳවන මාර්තු මස 22 වැනිදා අනීවාර්යෙන්ම අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද(01) සිතාසි නිකුත් කළේය.

විමල් වීරවංශ මහතා විටින් විට අසනීප වන හෙයින් ඔහුට එරෙහිව අල්ලස් නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කර ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි පෙන්වා දෙමින් පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කර ගැනීමට හැකි වන අයුරින් ඉදිරි නඩු දිනයේදී අනීවාර්්‍යයෙන්ම ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරන්නැයි අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස සිතාසි නිකුත් කෙරිණී.

2009 ජනවාරි මස පළමුවැනිදාත් 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාලසීමාව තුළ අමාත්‍ය වරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායමට වඩා රුපියල් මිලියන 75 කට අධික මුදල් සහ වත්කම් උපයා ගත් බවට යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය විමල් වීරවංශට මහතාට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත.

ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනතේ විග්‍රහ කෙරෙන ‘දුෂණය’ නමින් හඳුන්වන අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කොට ඇති බවද අල්ලස් කොමිසම දැනුම්දි තිබේ.



අදහස් (12)

විමල්ට සිතාසි

Nimal Friday, 01 March 2024 04:32 PM

කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු...

:       3       20

Asanga Friday, 01 March 2024 04:43 PM

අපේ සුප්‍රකට පංචායුදේ...

:       0       4

රංබොඩ Friday, 01 March 2024 04:47 PM

පවතින ආණ්ඩුවක වැරැද්දක් කියපු ගමන් කැඳවන නඩුව...

:       11       28

Prabha Friday, 01 March 2024 04:58 PM

පින්පති එක්ක ඩීල් එකක්වත් දාගන්න බලන්න.

:       0       4

Kazi Shajahan Friday, 01 March 2024 05:07 PM

විමල්ගෙත් ගැහිල්ල පොඩි නෑ වගේ... ඒ කාලයේ රාජපක්ෂලා සමග සැප බෙදාගත්තේ... දැන් ලෑස්තිවෙන්න දුක් විඳින්න ඉස්සරහට...

:       1       2

අරවින්ද මොනරවිල Friday, 01 March 2024 06:30 PM

පාර්ලිමේන්තුවේ බොරුවට ගිරිය පූප්පන් කෑ ගහනකොට නම් කිසිම අසනීප බවක් පෙනෙන්නට නැහැ...!

:       0       2

de silva Saturday, 02 March 2024 01:46 AM

මෙතුමා දේශප්‍රේමියෙක්..., මෙවැනි දේශප්‍රේමීන් අල්ලස් ගන්නේ නැහැ දූෂණ කරන්නේ නැහැ. ඔවුන්ට අර ඩේසි ආච්චිට ලැබුණා වගේ මිනිස්සු මැණික් මලු පිටින් ගෙනත් දෙනවා...!

:       2       2

chandima Saturday, 02 March 2024 05:19 AM

ඒ මොකද? කට වැඩියි වගේද?

:       0       3

ajitha Saturday, 02 March 2024 11:01 AM

මෙයාලා තරම් සමාජවාදියෙක් ලෝකයේවත් හිටියේ නෑ නේද?

:       0       3

Lelwala Saturday, 02 March 2024 11:14 AM

පා පැදියකිවත් නොමැතිව දේශපාලනයට ඇවිත් මෙපමණ මුදලක් අතට ආවේ කොහොමද?

:       1       3

ගාමේ එකාලා Saturday, 02 March 2024 03:41 PM

සාටකයාගේ කරේ එල්ලිලා ගොඩගිය ලෙමන් පෆ් කකා බොරුවට උපවාසේ කරපු විමලේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

:       0       3

Mohan kanthiraj. Sunday, 03 March 2024 05:51 AM

තරාතිරම නොබලා දූෂිතයින්ට දඬුවම් දෙනතුරු මේ රට මෙහෙම තමයි. සාමාන්‍ය මිනිස්සු පණයන කල් බදු ගෙවන... බලය ඇති කෙනාට බොහෝවිට නීතිය ක්‍රියාත්මක නොවෙන බවයි, තාමත් සිදුවෙමින් පවතින්නේ. මේ ජනතාවත් රැවටෙන එකේ සීමාවක් නෑ. ඩොලරය අඩු වුණාට ඊට සමගාමිව බඩුමිල අඩු නොවෙන හේතුව කුමක්ද? අසාධාරණ ලෙස ජනතාව සුරා කෑම නවත්තන්න තමයි ආණ්ඩුව තිබෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site